Home දේශීය පුවත් ජනතා අපේක්ෂා සුන් කළ අය-වැයක් – එජාප සභාපති

ජනතා අපේක්ෂා සුන් කළ අය-වැයක් – එජාප සභාපති

by Hela news

ආණ්ඩුව ඉදිරිපත් කළ අය වැය කිසිඳු සහනයක් නොලැබුණු ජනතා අපේක්ෂාවන් සුන් කළ අයවැයක් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

මාධ්‍ය වෙත ඊයේ (12) අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී අබේවර්ධන මහතා වැඩිදුරටත් මෙසේද පවසා සිටියේය.

“එක්සත් ජාතික පක්ෂ පාලනය යටතේ රාජ්‍ය සේවකයන්ට සහ සමස්ත ජනතාවට දුන් ඇතැම් සහන වත්මන් පාලනයෙන් අහිමි කර තිබෙනවා. ඒ වගේම අපේ පාලනය යටතේ අඩු කළ භාණ්ඩවල මිල ගණන් අද කිහිප ගුණයකින් ඉහළ දමා ජනතාව පීඩාවට පත් කර තිබෙනවා. “කඩා වැටෙන රට ගොඩනඟා ජනතාව ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට වත්මන් පාලනයට කිසිඳු සැලසුමක් හෝ වැඩපිළිවෙළක් නෑ. මේ අයවැයෙන් ජනතාව තවත් අමාරුවේ වැටෙනවා. අද බලන්න කොච්චර අමාරුද කියලා. ඩීසල් නෑ, පෙට්‍රල් නෑ, භූමිතෙල් නෑ, ගෑස් නෑ, කිරිපිටි නෑ. මෙවැනි යුගයක් 1977ට පෙර මේ රටේ තිබුණා. වත්මන් පාලනය යටතේ නැවතත් ඒ පෝලිම් යුගයට රට ගෙනගොස් තිබෙනවා. මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බව කිව යුතුයි.

“මේ පාලනය මෙහෙම පැවතුණොත් වැඩි කාලයක් ගතවීමට පෙර රටේ බැංකු පද්ධතිය කඩාගෙන වැටෙනවා. රටේ ජනතාව හිතාගෙන ඉන්නවා සාක්කුවේ සල්ලි තියෙන හන්දා, බැංකු ගිණුමේ සල්ලි තියෙන හන්දා ලංකාවේ බැංකුවල සල්ලි ඇති කියලා. බැංකුවලත් සල්ලි නෑ.

0 comment
0

Related Posts

Leave a Comment