Home දේශීය පුවත් ජනතාව බලාපොරොත්තු වුණේ ප්‍රගතිශීලි අය වැයක් – විපක්ෂ නායක

ජනතාව බලාපොරොත්තු වුණේ ප්‍රගතිශීලි අය වැයක් – විපක්ෂ නායක

by Hela news

රටේ ජනතාව බලාපොරොත්තු වූයේ ප්‍රගතිශීලි අය වැයක් නමුත්, ජනතාවට ලැබී තිබෙන්නේ ප්‍රතිගාමි පුස් අය වැයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජීවන වියදම, ආර්ථික උද්ධමනය පාලනය කිරීම උදෙසා මේ අය වැය තුළ කිසිදු වැඩපිළිවෙළක් නැති බව ද විපක්ෂ නායකවරයා පැවසුවේ 2022 අය වැය සම්බන්ධයෙන් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ රට ගොඩනඟනවා වෙනුවට මේ රට තවදුරටත් අගාධයකට රැගෙන යන අය වැයක් ආණ්ඩුව ඉදිරිපත් කළ බව සඳහන් කළ විපක්ෂ නායකවරයා මේ අය වැය හුදෙක් අංක ගණිත ජිල්මාට් එකක් බවද කීවේය.

‘‘ජනතාව බලාපොරොත්තු වුණේ ජනතාවාදි අය වැයක්. නමුත් ලැබුණේ ප්‍රතිගාමි පුස්සක්. මේ අය වැයේ කිසිම ව්‍යුහාත්මක බවක් නෑ. අය වැය හිඟය අවම කරන සැලැස්මක් නෑ. ජීවන වියදම, උද්ධමනය නිමා කරන්න වැඩපිළිවෙළක් නෑ. ජන ජීවිත ගොඩනඟන වැඩපිළිවෙළක් නෑ. ගොවියා නගාසිටුවන ක්‍රමවේදයක් නෑ. ආදායම් උත්පාදන ක්‍රමවේදයක් නෑ. කෙටියෙන් කීවොත් මේ අය වැය, සෝමාලියානු පන්නයේ අය වැයක්. මේක ජනතාව රවට්ටපු අය වැයක්.

තමන්ගේ හිතවතුන් සතුටු කරන අය වැයක් මිස, රට ගොඩනඟන වැඩපිළිවෙළක් මේ ආණ්ඩුවට නෑ. කෙටි කාලීන මධ්‍යකාලීන දිගුකාලීන වැඩපිළිවෙළක් නැති හිස් ලියවිල්ලක්. ව්‍යසනයෙන් පීඩා විඳින ජනතාවට අය වැයෙන් තවත් ප්‍රහාරයක් එල්ල වුණා. ඒ විතරක් නොවේ, රාජ්‍ය සේවකයන්ට, පෞද්ගලික අංශ සේවකයන්ට වැටුප් වර්ධක කිසිවක් නැති අය වැයක්. කොටින්ම කීවොත් ජනතාව අමතක කොට තමන්ගේ හෙංචයියන්ට වුවමනා විදිහට හදපු ලියවිල්ලක්.‘‘ යැයිද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කීය.

0 comment
0

Related Posts

Leave a Comment