Home දේශීය පුවත් ජනතාවගේ හැසිරීම අනුව යළි රට වසා දැමීමක් අත ළඟ – නි. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්

ජනතාවගේ හැසිරීම අනුව යළි රට වසා දැමීමක් අත ළඟ – නි. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්

by Hela news

මෙරට පුද්ගලයන්ගේ හැසිරීම මත එළැඹෙන උත්සව සමයේ නැවත රට වසා දැමීමක් සිදු විය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඊයේ (23) පැවසීය.

සෞඛ්‍ය උපදෙස් නොතකමින් මෙරට ජනතාව කටයුතු කරන බව අවධාරණය කළ ඒ මහතා උපදෙස් ඉවත දමමින් පුද්ගල චර්යාවන් සිදු කිරීමෙන් රට වසා දැමීමක් සිදු වුව හොත් එය පුදුමයට පත් නොවන බවද කියා සිටියේය.

 රට වසා දැමීමට නිකුත් කළ යුතු වන්නේ මාර්ගෝපදේශ පමණයි. යළි ජනතාව උත්සව සාද පවත්වමින් කටයුතු කරනවා. රට මේ තත්ත්යට ගෙන එන්න සියලු අංශ එකමුතුව විශාල කැපකිරීමක් කළා. ජනතාව දිගින් දිගටම වගකීමෙන් තොරව හැසිරුණොත් කැප කිරීම් සියල්ල වතුරේ යෑමක් සිදු වේවි යැයි හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.

0 comment
0

Related Posts

Leave a Comment