Home දේශීය පුවත් ජගත් කුමාර යළිත් පාදුක්ක සම්බන්ධීකරණ සභාපති ධූරයේ වැඩ භාරගනියි

ජගත් කුමාර යළිත් පාදුක්ක සම්බන්ධීකරණ සභාපති ධූරයේ වැඩ භාරගනියි

by Hela news

පාදුක්ක පොලිස් ස්ථානයේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා ඉවත් කර දේශපාලන පදනමින් නව ස්ථානාධිපතිවරයකු පත් කළ බව කියමින් ඊට විරෝධය දක්වා පාදුක්ක සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයෙන් ඉවත් වු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා අද (5) යළිත් එම තනතුරේ වැඩ භාරගත්තේය.

පොලිස් ස්ථානාධිපතිවරයාට අදාළව මතු වූ ගැටළුව නිරාකරණයවීම හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ ඉල්ලීම මත නැවතත් එම තනතුරේ වැඩ භාරගත් බව ජගත් කුමාර මහතා පැවසීය.

ආගමානූකූලව, මහා සංඝරත්නයේ ආශීර්වාද ලබාගනිමින් යළිත් එම තනතුර භාරගත් ජගත් කුමාර මහතා අතින් අඩු ආදායම්ලාභීන් වෙත නව සමෘද්ධි සහනාධාර පත්‍ර, බද්ධ පළතුරු පැළ හා කිකිලි පැටවුන් බෙදාදීම ද සිදුකෙරිණි

0 comment
0

Related Posts

Leave a Comment