Home විදෙස් පුවත් චෙන්නායි නුවර ගංවතුරෙන් යට වෙයි

චෙන්නායි නුවර ගංවතුරෙන් යට වෙයි

by Hela news

දිස්ත්‍රික් 6කට රතු නිවේදන

දින කිහිපයක් පුරා ඇද වැටුණු ධාරානිපාත වර්ෂාවෙන් ඉන්දියාවේ චෙන්නායි නුවරට දැඩි ගංවතුර තර්ජනයක් එල්ල වී ඇත. මේ වනවිට තමිල්නාඩු ආපදා කළමනාකරණ අධිකාරිය ගංවතුර තර්ජනයට මුහුණ පා ඇති දිස්ත්‍රික්ක 6කට රතු නිවේදන නිකුත් කර ඇතැයි වාර්තා වේ. ඉදිරි දින කිහිපය තුළත් මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වනු ඇතැයි එරට කාලගුණ විද්‍යාඥයන් අනාවැකි පළ කිරීම හේතුවෙන් චෙන්නායි නුවර ජන ජීවිතය දැඩි ව්‍යාකූලත්වයට පත්ව ඇතැයි ද එරට මාධ්‍ය වාර්තා කළේය. ඊයේ දිනයේ මිලිමීටර් 150-200 අතර වර්ෂාපතනයක් චෙන්නායි නුවරට ඇද වැටෙනු ඇතැයි ද අනුමාන කර තිබිණි.

චෙන්නායි සහ තවත් දිස්ත්‍රික් අටක පාසල් සහ විද්‍යාල සඳහා රජය නිවාඩු ප්‍රකාශයට පත් කර ඇත. වර්ෂාව ආශ්‍රිත සිදුවීම් හේතුවෙන් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් ඇති අතර, පැල්පත් 270කට වැඩි ප්‍රමාණයක් සහ නිවාස 70කට හානි සිදුවී තිබේ.

0 comment
0

Related Posts

Leave a Comment