Home විදෙස් පුවත් චීන සිසුන්ට ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට බාධාවක්

චීන සිසුන්ට ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට බාධාවක්

by Hela news

චීන ජාතික සිසුන් හැර විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු සඳහා පූර්ණ එන්නත්කරණයට ලක්වූ අනෙක් සිසුන් නැවත ඔස්ට්‍රේලියාව වෙත ගෙන්වා ගැනීමට එරට රජය තීරණය කර තිබේ.

ඒ අනුව වෙනත් රටවල සිට සිසුන් 500 දෙනෙකු රැගත් ගුවන් යානයක් නිවු සවුත්වෙල්ස් වෙත පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේවෙතත් චීන ජාතික සිසුන් සඳහා ඔස්ට්‍රේලියාව වෙත පැමිණිමට අවසර හිමිවී නොමැත.

එරට රජය විසින් අනුමත කරන කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සිසුන් සඳහා එලෙස නැවත එරටට පැමිණිමට අවසර හිමිවී තිබේ.

කෙසේවෙතත් අදාළ එන්නත් වර්ග සම්බන්ධයෙන් මෙතෙක් ඔස්ට්‍රේලියානු රජය විසින් ප්‍රකාශයක් නිකුත් කර නොමැති බවද වාර්තා වේ.

එරට බලධාරීන් පවසන්නේ චීනය විසින් නිෂ්පාදනය කරනු ලබන සයිනොෆාම් සහ සිනොවැක් එන්නත් මගින් සියයට 50ත් 80ත් අතර කාර්යක්ෂමතාවයක් පමණක් පවතින බවට අනාවරණය වී ඇති බවය.

ඒ අනුව එම එන්නත් වර්ග ලබාගත් සිසුන්ට නැවත විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු සඳහා ඔස්ට්‍රේලියාව වෙත පැමිණීමට පවතින හැකියාව පිළිබඳ සලකාබලමින් සිටින බව එරට බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

0 comment
0

Related Posts

Leave a Comment