Home උණුසුම් පුවත් චීන පොහොර සමාගමට මුදල් ගෙවීමේ වාරණය යළි දීර්ඝ කෙරේ.

චීන පොහොර සමාගමට මුදල් ගෙවීමේ වාරණය යළි දීර්ඝ කෙරේ.

by Hela news

කොලිෆෝම් (coliform) බැක්ටීරියාව අඩංගු කාබනික පොහොර ආනයනය කළේ යැයි කියන චින්දාඕ චීන සමාගමට හා දේශීය නියෝජිතයාට ණයවර ලිපි මඟින් මුදල් ගෙවීම් කිරීම වළක්වමින් මහජන බැංකුවට හා දේශීය නැව් සමාගමට නිකුත් කළ වාරණ නියෝග ලබන 3 දා දක්වා දෙවැනි වරටත් දීර්ඝ කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය ඊයේ (5) නියෝග කළේය.

කොළඹ කොමර්ෂල් පොහොර සමාගම හා ලංකා පොහොර සමාගම චීන සමාගමට එරෙහිව පැවරූ නඩු දෙකක් සලකා බැලීමෙන් පසුව මේ වාරණ නිකුත් කර තිබිණි.

චින්දාඕ චීන සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා ඊයේ (19) වාරණ නියෝගවලට එරෙහිව විරෝධතා ගොනු කළේය. පැමිණිලිකරුවන් විසින් කරුණු වසන්කර වාරණ නියෝග ලබා ගෙන ඇති බැවින් වාරණ විසුරුවා හැර නඩු දෙක නිෂ්ප්‍රභ කරන ලෙසට එමඟින් ඉල්ලා තිබිණි.

ඒ අනුව වාරණ නියෝග යළි දීර්ඝ කළ වාණිජ මහාධිකරණය දෙපාර්ශ්වයේ ලිඛිත සැල කිරීම් ලබන 3 දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට දන්වා සිටියේය.

ලංකා පොහොර සමාගම හා කොළඹ කොමර්ෂල් සමාගම වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් සුසන්ත බාලපටබැදි මහතා අධිකරණයේ පෙනී සිටියේය.

නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටින මහජන බැංකුව, (Qingdao Seawin Biotech Group Co.) බයෝටෙක් ගෘප් සමාගම හා චෙලිනා කැපිටල් කෝපරේෂන් සමාගමට මේ වාරණ නිකුත් නිකුත් කර ඇත.

කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ පසුගිය 9 දා නඩුව කැඳවූ අවස්ථාවේ දෙපාර්ශ්වය විසින් නඩුවේ කරුණු තහවුරු කරමින් මෙසේද සඳහන් කර සිටියේය. අතිරේක සොලිසිටර් ජනරාල් සුසන්ත බාලපටබැදි මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින්

ආයනික පොහොර තොගයේ මෙරට භුමියට හා ශාකවලට අහිත කර පොලිකෝම් බැක්ටීරියාව අඩංගු බවට ඉදිරිපත් වූ පරීක්ෂණ වාර්තාවල සඳහන් වන බව පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සිද්ධිකා ජී සේනාරත්න මහත්මිය සඳහන් කරන ආකාරයට පරීක්ෂණ වාර්තාවල මේ බැක්ටීරියාව අඩංගු බවට සනාථ වන බවත්, ණයවර ලිපි විවෘත කිරීමට ඉදිරිපත් කර ඇති වාර්තාවට අමතරව ෂටර් (schutter global) පරීක්ෂණ සමාගම ඉදිරිපත් කළ වාර්තා දෙකක් ඇති බවද සඳහන් කළේය.

විත්තිකාර චීන සමාගම වෙනුවෙන් ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා අධිකරණයේ කරුණු දැක්වීය.

අදාළ ණයවර ලිපි නිකුත් කිරීමට පෙර චීන සමාගම හා පොහොර සමාගම යන දෙපාර්ශ්වයම පිළිගන්නා අන්තර්ජාතික පරීක්ෂණ සමාගමක් වන ෂටර් ආයතනය විසින් නිකුත් කළ විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර් 8 දා නිකුත් කර ඇති එම වාර්තාව අනුව කොලිෆෝම් බැක්ටීරියාව එහි අඩංගු වන්නේ නැහැ. එහි සටහන් වන්නේ කොලිෆෝම් බිංදුවක් ලෙසයි. වෙනත් විමර්ශන වාර්තා නැහැ. අදාළ වාර්තාව නිවැරැදිව දී තිබෙනවා. පොහොර සමාගම වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුසන්ත බාලපටබැදි මහතා අධිකරණයේ කරුණු දක්වමින් තවදුරටත් කියා සිටියේ ගිවිසුම යටතේ චීන සමාගම විසින් ජීවානුහරණය කළ කාබනික පොහොර ශ්‍රී ලංකාවට නැව්ගත කිරීමට අවශ්‍ය වුවද එම තොගයේ ක්ෂුද්‍ර ජීවීන් අඩංගු විය හැකි බවට නැව් උපදෙස් (shipping advice) වලදී සමාගම විසින් පිළිගෙන ඇති බවය.

චීන සමාගම වන චින්දාඕ සීවින් බයෝටෙක් ගෘප් කම්පනි (Qingdao Seawin Biotech Group Co.) වෙනුවෙන් විවෘත කරන ලද ණයවර ලිපිය (Letter of Credit) යටතේ මහජන බැංකුව විසින් ගෙවීම් කටයුතු කිරීම මේ වාරණ නියෝගය මඟින් තහනම් කෙරිණි. ජාතික ශාක නිරෝධායන සේවය (National Plant Quarantine Service) විසින් ඔවුන් වෙත යවන ලද නියැදිය පරීක්‍ෂා කර ඇති අතර, ඇතැම් හානි කර බැක්ටීරියා ඇතුළු ජීවීන් එහි සිටින බවට තහවුරු කර ඇති බවද සොලිසිටර් ජනරාල්වරයා වාරණය ලබා ගැනීමේදී අධිකරණයට පැවසීය.

මේ කාබනික පොහොර තොගය, කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලද රුපියල් බිලියනයකට වඩා වැඩි වටිනාකමකින් යුත් පොහොර ආනයනය කිරීමේ ක්‍රියාවලියක කොටසක් වන අතර, රජයේ ටෙන්ඩර් ක්‍රියාවලියට අනුගතව නැව්ගත කිරීම් (shipment) කළ යුතු කොටසකි.

0 comment
0

Related Posts

Leave a Comment