Home කාලීන පුවත් චීන පොහොර නැව ගැන අධිකරණයට කළ දැනුම්දීම

චීන පොහොර නැව ගැන අධිකරණයට කළ දැනුම්දීම

by Hela news

අහිතකර බැක්ටීරියා වර්ග අන්තර්ගත බවට වාර්තා වූ කාබනික පොහොර අඩංගු චීන නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඉවත්ව යන බව එම නෞකාව විසින් ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (08) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකාවට කාබනික පොහොර ආනයනය කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම සලකාබැලීම සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ නිර්මලන් විග්නේෂ්වරන් මහතා එම දැනුම්දීම සිදුකළේය.

සෝභිත රාජකරුණා හා ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් කැඳවනු ලැබීය.

0 comment
0

Related Posts

Leave a Comment