චීන – පාකිස්තාන ආර්ථික කොරිඩෝව හරහා ‘නව මාවතක් පාකිස්ථාන අග්‍රාමාත්‍ය පෙන්වා දෙයි

0
395


ගිවිසුම් අත්සන් කිරීම

චීන – පාකිස්තාන ආර්ථික කොරිඩෝව (China Pakisthan Economic Corridor – CPEC) හරහා මධ්‍යම ආසියාව සමග ශ්‍රී ලංකාවේ සම්බන්ධතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අඟහරුවාදා (පෙබරවාරි 23) කොළඹදී කියා සිටියේය.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවීමෙන් අනතුරුව දෙරටේ අග්‍රාමාත්‍යවරුන් සහභාගී වූ ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී ඉම්රාන් ඛාන් මෙම අදහස් පළ කළේය.

”මෙම සංචාරය අපගේ ද්විපාර්ශවිය සම්බන්ධතා වර්ධනය කරනවා. එය අපගේ වෙළෙඳ සම්බන්ධතා ශක්තිමත් කරනවා. පාකිස්තානය චීනයේ එක තීරයක් එක මාවතක් වැඩසටහනේ කොටස්කරුවෙක්. සී-පෙක් එහි එක් ප්‍රධාන ක්‍රියාමාර්ගයක්. සී-පෙක් හරහා ශ්‍රී ලංකාවට මධ්‍යම ආසියාවට සම්බන්ධවීමේ හැකියාව ලැබෙනවා. මධ්‍යම ආසියාවට පාකිස්තානයේ සම්බන්ධය තුළින් ශ්‍රී ලංකාවට වෙළෙඳාම ශක්තිමත් කළ හැකි අපි අපගේ අනෙකුත් අවස්ථාවන් ගැනත් කතා කළා.” යනුවෙන් පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

කලාපීය ස්ථාවරභාවය හා සාමය දකුණු ආසියාවේ සංවර්ධනය සහ ස්ථාවර ආර්ථික වර්ධනයක් වෙනුවෙන් අවශ්‍ය බවට ශ්‍රී ලංකාව විශ්වාස කරනු ඇතැයි එම ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පැවසුවේය.



Source link

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here