චීන ප්‍රාන්තයක් හදන්න ආණ්ඩුවට බලයක් දී නෑ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක

0
103

රට තුළ චීන ප්‍රාන්තයක් ගොඩනැඟීමට ජනතාව ආණ්ඩුවට බලයක් දී නැතැයි, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (16) පැවසීය.

වරාය නගර පනත පිළිබඳ ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව කියා සිටි ඒ මහතා එවැනි විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරනවා වෙනුවට ආණ්ඩුව බලහත්කාරය ක්‍රියාත්මක කරමින් සිටින බවද හෙතෙම පැවසීය.

වරාය නගර පනත පිළිබඳ විශේෂ මාධ්‍ය හමුවකට ඊයේ  එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

දින 5ක නිවාඩු කාලයක් ඉලක්ක කර මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ බවත් එලෙස කරනු ලැබුවේ ඊට එරෙහිව අධිකරණය හමුවට යෑමට ඇති ඉඩකඩ අහුරාලීමේ අරමුණින් බවත් හෙතෙම මෙහිදී කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here