Home දේශීය පුවත් චීන නැවේ එන්තරවාසිය තවම ලැබී නෑ

චීන නැවේ එන්තරවාසිය තවම ලැබී නෑ

by Hela news

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි

චීන පොහොර සමාගම ඩොලර් මිලියන 8ක වන්දියක් ඉල්ලා යොමුකර ඇති බව පවසන එන්තරවාසිය මෙතෙක් නිල වශයෙන් තමන්ට හෝ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ලැබී නැතැයි ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂ තුෂාර වික්‍රමාරච්චි මහතා ඊයේ (08) ‘දිනමිණ’ට පැවසීය.

මෙරටට අහිතකර බැක්ටීරියා ඇති බව පවසමින් චීන කාබනික පොහොර තොගය ප්‍රතික්ෂේප කිරීමට අදාළ රසායනාගාර පරීක්ෂණ ක්‍රියාවලිය නිසි ලෙස සිදු කළ අතර ඒ සම්බන්ධයෙන් සිදු කළ සියලු රසායනාගාර පරීක්ෂණ ඉදිරියටත් බලාත්මක බවද ඒ මහතා සඳහන් කළේය.

ක්වීන්ඩාඕ සීවින් පොහොර සමාගම යොමුකර ඇතැයි පවසන එන්තරවාසිය ලැබුණු පසු කෘෂිකර්ම ලේකම්වරයාගේ හා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් පරිදි කටයුතු කරන බවද ඔහු අවධාරණය කළේය.

0 comment
0

Related Posts

Leave a Comment