Home දේශීය පුවත් චීනය-ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් නැහැ

චීනය-ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් නැහැ

by Hela news

ඇමැති ජී.එල්. පීරිස්

මතභේදයට තුඩු දී ඇති චීන පොහොර නැව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් කිසිදු ගැටලුවක් නැති බව විදේශ කටයුතු අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට ඊයේ (8) එක්වෙමිනි. මතභේදයට තුඩු දී ඇති කාබනික පොහොර සැපයීමට කොන්ත්‍රාත්තුව හිමිකර ගත් චීන සමාගම ඩොලර් මිලියන 8ක වන්දියක් ඉල්ලා එන්තර වාසියක් යැවීම සාමාන්‍ය වෙළෙඳ ගනුදෙනුවක් පමණක් බවත්, එමඟින් රටේ අභිමානයට කිසිසේත්ම ගැටලුවක් නැති බවත් හෙතෙම පැවසීය.

ඕනෑම වෙළෙඳ කටයුත්තකදී අගතියට පත්වන පාර්ශ්වයකට එන්තරවාසියක් යවා නඩු මඟට අවතීරණය වීමේ අයිතියක් තිබෙන බවත්, මෙවැනි තත්ත්වයකට වැරදි අර්ථකථන දෙන්න ඇතැම් අය උත්සාහ දැරීම කනගාටුවට කරුණක් බවත් එය රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් නොවෙන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

0 comment
0

Related Posts

Leave a Comment