Home උණුසුම් පුවත් චීනය මහජන බැංකුව බ්ලැක් ලිස්ට් කිරීම

චීනය මහජන බැංකුව බ්ලැක් ලිස්ට් කිරීම

by Hela news

මෙරටට පොහොර ආනයනය කළ චීන සමාගමකට අදාළ ගනුදෙනුව සඳහා නිකුත් කර ඇති දැනට ප‍්‍රශ්නයකට තුඩු දී තිබෙන ණයවර ලිපිය (එල්සී) සඳහා අදාළ ලියැකියවිලි අංගසම්පූර්ණ නම් එම ගෙවීම කිරීමට මහජන බැංකුවට සිදුවන බව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා ඊයේ කීවේය.

ජාත්‍යන්තර වෙළෙඳාමේ ගනුදෙනු ජාත්‍යන්තර ප‍්‍රමිතීන් අනුව සිදුවන බවද ඒ ප‍්‍රමිතීන් සහ ලියැකියවිලි අංගසම්පූර්ණ නම් ඒ ගනුදෙනුව සිදුවන බවද මහ බැංකු අධිපතිවරයා කියයි.

ඒ අනුව කටයුතු කිරීමට මහජන බැංකුව සූදානම් බවද ඔහු සඳහන් කළේය.

එහෙත් මහජන බැංකුව එම ගෙවීම නොකළේ මහජන බැංකුවේ වරදක් නිසා නොව නීතියෙන් ඒ අයට තහනමක් පැනවී තිබූ නිසා බවද කබ්රාල් මහතා කීවේය.

ඉදිරියේදී ගතයුතු ක‍්‍රියාමාර්ගය ගැන තමා කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා සම`ග සාකච්ඡුා කළ බවද මේ ගැටුමට මහජන බැංකුවේ සම්බන්ධයක් නොමැති බවද කබ්රාල් මහතා කියා සිටියේය.

එම ණයවර ලිපියට අදාළ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 9 ක පමණ මුදලකි. මේ ගැටලූව විසඳා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමින් චීනය පාර්ශ්වය සමග වන සාකච්ඡුාව දිගටම සිදුවන බවද එය හොඳ දෙයක් බවද කබ්රාල් මහතා පැවසීය.

බැංකු අතර ගනුදෙනු සිදුවන්නේ ලේඛණ හරහායි. බැංකු දෙක අතර තියන ගනුදෙනුවට නිසි පරිදි ලේඛණ ඉදිරිපත් කරල තියෙනවනම් බැංකුව ගෙවීම කරන්න ඕනෑ. මහජන බැංකුවත් ඒ අනුව ගෙවීම් කිරීමට සූදානම්. එහෙත් උසාවියෙන් තහනම් නියෝගයක් දුන්නොත් ඒක කරන්න බෑ. ඒ නිසා උසාවියෙන් පවතින ඒ බාධාව ඉවත් වෙලා ගෙවීම් කිරීම සඳහා අවසරය ලබා දුන්නොත් අපට ඒ ගෙවීම කරන්න සිදුවෙනවා. ජාත්‍යන්තර වෙළෙඳාමේදී ඒ ණයවර ලිපි සකස් කරන්නේ නිසි පරිදි අංගසම්පූර්ණ ලේඛණ ඉදිරිපත් කළ විට නොගෙවා සිටීමට නොහැකි වන ආකාරයටයි. අප ඒ සඳහා ගෙවීමට බැ`දී සිටිනවා යැයිද මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා තවදුරටත් ‘‘දිවයින’’ට කීවේය.

මේ චීන ආනයනික පොහොර ප‍්‍රශ්නය කිසියම් රාජ්‍ය තාන්ත‍්‍රික ගැටලූවක් දක්වා වර්ධනය වීමට කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පසුගියදා මාධ්‍යයට කළ ඇතැම් ප‍්‍රසිද්ධ ප‍්‍රකාශ හේතු වී ඇති බවද රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ගවලින් ‘දිවයින’ට වාර්තාවේ.

0 comment
0

Related Posts

Leave a Comment