Home විදෙස් පුවත් චීනය දේපොළ වෙළෙඳපොළ අර්බුදයකට

චීනය දේපොළ වෙළෙඳපොළ අර්බුදයකට

by Hela news

චීනයේ දේපොළ වෙළෙඳාමේ දැවැන්ත සමාගමක් වන එවර්ග්‍රෑන්ඩ් හි පවතින දරුණු මූල්‍ය අර්බුදය හමුවේ චීනය දේපොළ වෙළෙඳපොළේ පසුබෑමකට ලක් වී ඇතැයි හොංකොං පෝස්ට් පුවත් සේවය වාර්තා කළේය. ලොව දෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන චීනය මුහුණ පා සිටින්නේ ඩොලර් ට්‍රිලියන 4ක ණය අර්බුදයකට බව එම වාර්තාවෙන් පෙන්වා දෙයි.

එරට නිවාස සහ යටිතල පහසුකම් සැපැයීමට අවශ්‍ය ණය ප්‍රමාණය සැඟවීමට චීන රජය කටයුතු කරමින් සිටින බවත්, එම ණය ප්‍රමාණය මීට වඩා බොහෝ සෙයින් වැඩි විය හැකි බවත් හොංකොං පුවත් සේවය අනුමාන කර ඇත. චීනයේ සමස්ත ණය ප්‍රමාණය එහි දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 270කට වඩා වැඩි මට්ටමක පවතින බව ද වාර්තා වේ.

එරට සිදු කෙරෙන නව ඉදිකිරීම් 7.7% ක් දක්වා පහත වැටී ඇති අතර, මෙවැනි දේපල වෙළෙඳපොලේ බිඳ වැටීමකට චීනය මුහුණ පා ඇත්තේ වසර 2015න් පසුවය. පසුගිය කොවිඩ් වසංගත තත්ත්වය මීට බලපෑ විශාලතම සාධකය බවත් හොංකොං පුවත් වාර්තාවෙන් අනාවරණය වී තිබේ.

0 comment
0

Related Posts

Leave a Comment