Home විදෙස් පුවත් චීනයේ විදුලි අර්බුදයක්

චීනයේ විදුලි අර්බුදයක්

by Hela news

චීනයේ විදුලිබල අර්බුදයක් නිර්මාණය වෙමින් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. 

එම හේතුවෙන් ගෘහස්ථ අවශ්‍යතා සඳහා විදුලිය සැපයීමටද බාධා මතුවී ඇති බව සඳහන් වෙයි.

එසේම විශාල කර්මාන්ත ශාලා නිෂ්පාදන කටයුතු අඩු කිරීමටද කටයුතු කර ඇති බව වාර්තා විය. ඒ හේතුවෙන් ලොව සැපයුම් ජාලවලටද බලපෑම් ඇතිවෙතැයි අනුමාන කෙරේ.

විදුලි බලයට ඇති ඉල්ලුම අවම කිරීම සඳහා බලධාරීන් විවිධ පියවර ගනිමින් සිටී. සමහර ආයතනවලට දැනුම්දීමකින් තොරව විදුලිය කප්පාදු කිරීම හේතුවෙන් සේවකයින් විදුලි සෝපානවල සිරවී ඇති බවත් වාර්තා විය.

චීනයේ නිෂ්පාදිත භාණ්ඩ සඳහා ලොව පුරා ඉල්ලුම අධිකවීමෙන් සමහර කර්මාන්ත ශාලා නිෂ්පාදන කටයුතු වැඩිකිරීම හේතුවෙන් සහ ගල්අඟුරු බලාගාර සඳහා සැපයුම්වලට බාධා ඇතිවීමෙන් මෙම විදුලිබල අර්බුදය නිර්මාණය වී ඇතැයි සඳහන් වෙයි.

0 comment
0

Related Posts

Leave a Comment