Home විදෙස් පුවත් චීනයේ මාධ්‍ය ආයතනවලට පෞද්ගලික ආයෝජන තහනමක්

චීනයේ මාධ්‍ය ආයතනවලට පෞද්ගලික ආයෝජන තහනමක්

by Hela news

මාධ්‍ය ආයතනවල පෞද්ගලික ආයෝජන වැළැක්වීමේ පනතක් හඳුන්වා දීමට චීනයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ. එරට මාධ්‍ය නීතිරීති දැඩි කරමින් රජය මේ තීරණය ගැනීමට අදහස් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එසේ වුවත් චීන මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ප්‍රවීණයන් පවසන්නේ චීන රජය මෙවැනි පනතක් කෙරෙහි අවධානය යොමු කර ඇත්තේ විරුද්ධ පාක්ෂිකයන්ගේ හඬ මැඬ පැවැත්වීමේ අදහසින් බවය.

චීන කොමියුනිස්ට් පක්ෂය සියළු ප්‍රවෘත්ති සහ විවේචන තම පාලනයට ගැනීමට උත්සාහ කරමින් සිටින බවත්, මේ පනත මගින් විරුද්ධ පාක්ෂිකයන්ගේ අදහස් යටපත් කිරීම හෝ ඉවත් කිරීම අරමුණ වී ඇති බවත් චීන දේශපාලන විචාරකයකු වන වූ සූලායි විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත. මාධ්‍යයේ භූමිකාව සීමා කිරීමෙන් මහජන අදහස් විකෘති වනු ඇතැයි ද අදහස් පළ වී තිබේ.

චීන මාධ්‍ය ක්ෂේත්‍රයට පෞද්ගලික ආයෝජන සිදු කිරීම තහනම් කිරීමට යෝජිත පනත හේතුවෙන් එරට ප්‍රවීණ මාධ්‍යවේදින් අතර බරපතළ ලෙස සාකච්ඡාවට ලක් වී ඇති අතර, එම පනත මගින් චීනයේ මාධ්‍ය නිදහස තව දුරටත් සීමා වනු ඇතැයි ඔවුන්ගේ විශ්වාසය වී තිබේ.

0 comment
0

Related Posts

Leave a Comment