Home විදෙස් පුවත් චීනයේ තවත් කොවිඩ් පොකුරක්

චීනයේ තවත් කොවිඩ් පොකුරක්

by Hela news

චීනයෙන් වාර්තාවන දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව එරට සෞඛ්‍ය අංශ පවසති.

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් නව කොවිඩ් ආසාදිත පොකුරු කිහිපයක්ම එරට ප්‍රදේශ රැසකින් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුගිය 17 වනදා සිට චීනයේ බීජිං නගරය ඇතුළු ප්‍රදේශ 11කින් කොවිඩ් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වී තිබේ.

ඊයේ චීනයෙන් කොවිඩ් -19 ආසාදිතයින් 39 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 96,797 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

0 comment
0

Related Posts

Leave a Comment