Home උණුසුම් පුවත් චීනයෙන් ‘සිනොවැක්’ ලක්ෂ 10ක්

චීනයෙන් ‘සිනොවැක්’ ලක්ෂ 10ක්

by Hela news

චීනයේ නිෂ්පාදිත සිනොවැක් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට චීන රජය තීරණය කර තිබේ.

දැනට ශ්‍රී ලංකාවේ එන්නත්කරණ ක්‍රියාවලිය තවදුරටත් පුළුල් කිරීම සඳහා එම එන්නත තොගය මෙරටට පරිත්‍යාග කරන බව ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා තිබේ.

ලොව වැඩිපුරම භාවිතයට ගෙන තිබෙන කොවිඩ් 19 එන්නත වන සිනොවැක් එන්නත් මාත්‍රා බිලියන 1.8 ක් ලොව පුරා රටවල් 50කට පමණ සපයා තිබෙන අතර, අගෝස්තු මාසය අවසානය වනවිට එයින් මාත්‍රා බිලියන 1.4 ක් පමණ භාවිත කර ඇති බවද චීන තානාපති කාර්යාලය පවසයි

0 comment
0

Related Posts

Leave a Comment