Home විදෙස් පුවත් චීනයට එරෙහිව අමෙරිකාවත්, වියට්නාමයත් එක් වෙයි

චීනයට එරෙහිව අමෙරිකාවත්, වියට්නාමයත් එක් වෙයි

by Hela news

දකුණු චීන මුහුදු කලාපය ආශ්‍රිතව චීන බලපෑම් වර්ධනය වීම අමෙරිකාව සහ වියට්නාමය අතර රාජතාන්ත්‍රික සම්බන්ධතා ශක්තිමත් වීමට ඉවහල් වූ බව වියට්නාමයේ හිටපු අමෙරිකා තානාපති ප්‍රකාශ කළේය.

සිය අසල්වැසියන්ට චීනය විසින් එල්ල කරනු ලබන පීඩනය අමෙරිකා -වියට්නාම සම්බන්ධතාව වඩාත් ශක්තිමත් කර ඇතැයි ද

වර්තමානයේ US-ASEAN නමැති ව්‍යාපාරික කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරි ලෙස කටයුතු කරන හිටපු තානාපති ටෙඩ් ඔසියස් ‘රේඩියෝ ෆ්‍රී ඒසියා‘ ගුවන් විදුලි සේවයට ප්‍රකාශ කර තිබේ.

ASEAN ආසියාවේ රටවල් දහයක් සාමාජිකත්වය දරන ව්‍යාපාරික කවුන්සිලයකි.

තමා වියට්නාමයේ තානාපතිවරයා ලෙස කටයුතු කිරීමට එරට ජනාධිපතිවරයා සමඟ සිදු වූ පළමු හමුවේදීම දකුණු චීන මුහුදු කලාපය පිළිබඳ සාකච්ඡා කළ බව ද ටෙඩ් ඔසියස් එම ගුවන් විදුලි සේවයට පවසා තිබේ. ඔහු වියට්නාමයේ අමෙරිකා තානාපති ලෙස කටයුතු කළේ 2014 සිට 2017 දක්වා කාලයේදීය. මෑත කාලයේ පෙර නොවූ විරූ ලෙස චීනයට එරෙහිව විරෝධතා රැල්ලක් වියට්නාමය තුළ ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් එරට හිටපු අමෙරිකා තානාපතිවරයා ප්‍රකාශ කර තිබේ.

0 comment
0

Related Posts

Leave a Comment