චිත‍්‍රපටයේ වැඩ ළඟදීම පටන්ගන්නවා

0
171

ඇය ජාත්‍යන්තරය ජයගත් තරුණියක්. හැබැයි ඒ රංගනයෙන් නම් නොවේ. ඡුායාරූපකරණයෙන් හා ඇඳුම් විලාසිතාකරණයෙන් තමයි ඇය ජාත්‍යන්තරය ජයගන්නේ. ඒ විතරක් නෙමෙයි. ඇය නළු නිළියන් වෙනස්ම විදිහකට වෙනස් කරලා පින්තූර ගන්නවා. ඇය නමින් රැුෆෙලා ප‍්‍රනාන්දු. 2021 දී නළු නිළියන් වෙනස්ම කරලා අරගත්තු පින්තූර වලින් රැුෆෙලාගේ කැලැන්ඩරය හැඩ ගැන්වෙනවා. මේ කතාබහ ඇගේ අලූත්ම කැලැන්ඩරය ගැනයි.

* රැුෆෙලා මෙවරත් වෙනස්ම විදිහකට කැලැන්ඩරය කරලා තියෙනවා නේද?

ඔව්. ඇත්තටම කැලැන්ඩරය කරන්නේ නැහැ කියන තැන තමයි මෙවර හිටියේ. මේ නව වැනි අවුරුද්ද. නව වැනි අවුරුද්ද නොකර ඉන්න එක අපරාධයක් කියලා හිතුණා. මෙවර වැඬේ පටන්ගත්තේ නත්තලෙනුත් පස්සේ. මෙවරත් කැලැන්ඩරය ගැන ගොඩක් කලාකරුවෝ මගෙන් දුරකථනයෙන් විමසන්න පටන් ගත්තා. ඒකයි නොකර ඉන්න එක අපරාදේ කියලා හිතුණේ.

* කොරෝනා වසංගතය අතරේ නළු නිළියෝ මෙවර මේ වැඬේට කැමැති වුණාද?

හුඟාක් කැමැති වුණා. ඇත්තටම එයාලගෙන් තමයි ලොකු තල්ලූවක් ආවේ. හැමෝම ඇහැව්වේ ඇයි මේ පාර තවම කැලැන්ඩරය කරන්නේ නැද්ද? නොකර ඉන්න එපා කියලා හැමෝම කිව්වා. ඉතිං ඊට පස්සේ තමයි මගේ අදහසත් වෙනස් වුණේ.

* මෙවර කවුද ඉන්නේ?

මේ සැරේ ඉන්නවා සංගීතා වීරරත්න, සාරංග දිසාසේකර, දිනක්‍ෂි, ෂනුද්‍රි, රවීන්, නිරංජනී, රන්දීර්, සමනලී ෆොන්සේකා, සචිනි අයේන්ද්‍රා, සචිනි නිපුන්සලා, නදීෂා හේමමාලි, මාධවී වත්සලා ඇතුළු කලාකරුවෝ දහතුන්දෙනෙක් ඉන්නවා.

* ෆැෂන් ඩිසයිනර්ස්ලා රැුසක් මෙවර එකතු වුණා නේද?

ඔව්. මෙවර අපි රමේෂා ඕෂිනී, වෙනුක විකුමාරච්චි, හේෂන්ද සිල්වා, එරංජනා ජයවර්ධන, කනිෂ්ක සඟබෝ ඩයස් ඇතුළු ගොඩක් ඩිසයිනර්ස්ලා එකතු වුණා. ස්ටයිලින් සියල්ල සිදුකළේ මම. මෙවර මට ඕනෑ වුණා විවිධ පුද්ගලයන්ගේ විවිධ අදහස් එකතු කරගන්න. අනික මගේ අදහසට ඔවුන්ට වෙනස්ම දෙයක් එකතු කරන්න පුළුවන් වේවි කියලා හිතුවා. ඒක අන්තිමේ සාර්ථක වුණා.

* මේක ලාභ ප‍්‍රයෝජන බලාගෙන කරන වැඩක්ද?

ඇත්තටම ලාභ ප‍්‍රයෝජන බලාගෙන කරන වැඩක් නෙමෙයි. මීට අවුරුදු නවයකට කලින් ලංකාවේ මේ වැඬේ පටන්ගන්න කොට ඊට කලින් මේ ආර්ට් එකට ලංකාවේ ෆොටෝග‍්‍රැෆි වුණේ නැහැ. විවිධ රටවල විවිධ ඡුායාරූප මම දැකලා තියෙනවා. නමුත් ලංකාවේ ඒ දේ වෙන්නේ නැහැ. ඉතිං එහෙම හිතලා අන්තිමේ අත්හදා බැලීමක් විදිහට තමයි මේ වැඬේ කළේ. අන්තිමේ මේක සාර්ථක වුණා. ඡුායාරූපකරණය ලංකාවේ ස්ටයිල් එකක් විදිහට මුල් බැහැගෙන නැහැ. ජාත්‍යන්තරයට ගියහම ලංකාවේ තිබෙන ඒ අඩුව හොඳට තේරෙනවා. ලංකාවෙත් මේ වෙනස සිදුවෙන්න ඕනෑ.

* ඇත්තම කතාව නළු නිළියෝ රැුෆෙලාගේ ක්ලැන්ඩරයේ ඉන්න පොරකනවා. එහෙමද?

පොරකෑමක් කියලා කියන්නේ නැහැ. හැබැයි මම දන්නවා ගොඩදෙනෙක් ආසයි කියලා. මමත් මේ ක්‍ෂේත‍්‍රයේ අවුරුදු දාහතරක ඉඳලා වැඩ කරන කෙනෙක්. මට තව ගොඩක් දුර යන්න තියෙනවා. අනික මගේ කැලැන්ඩරයටත් මහ ලොකු වයසක් නැහැ. තවම අවුරුදු නවයයි වෙන්නේ.

පොරකෑමක් වෙන්නේ නැහැ. ඇත්තටම කට්ටිය හරි කැමැතියි. කෝල් කරලා අහනවා. මේ හැමෝම මගේ යාළුවෝ. එයාලා අලූත් දෙයක් කරන්න හිතන කොට තමයි මට කතා කරන්නේ.

* නළු නිළියන් ගෙන් බැණුම් අහපු අවස්ථා නැතිද?

කවදාකවත් නැහැ. මම පටන් ගත්තු අලූතත් ක්‍ෂේත‍්‍රයේ ඉන්න ප‍්‍රවීන කලාකරුවන් සමඟ තමයි වැඩ කරල තියෙන්නේ. ඒක නිසා කවදාකවත් කාගෙන්වත් මට නෙගටිව් ෆීට් බැක් එකක් ඇවිත් නැහැ. මම හරි වාසනාවන්තයි. මේක හරි නැහැ. මේකේ මම නැහැයි කියලා නැහැ. හරි ආදරෙන් මම කරපු දේ භාරගෙන තියෙනවා.

*රැුෆෙලාගේ චිත‍්‍රපටයේ වැඩකටයුතු එහෙම කොහොමද?

සෑහෙන දුරට කෙරීගෙන යනවා. ස්ක‍්‍රිප්ට් එකේ වැඩ කටයුතු සහ කාස්ටින්වල වැඩකටයුතු සෑහෙන දුරට ඉවරයි. කොවිඞ් නිසා ඒ වැඬේ ටිකක් පස්සට ගියා. කැලැන්ඩරය කරන්නත් මම අවුරුද්දේ මුල ඉඳන් සැලසුම් කරනවා. චිත‍්‍රපටයක් කරන්න ලොකු මහන්සියක් වෙන්නේ එපායැ. මම බලාපොරොත්තුවෙන්නේ ලොකු වෙනසක් ඇතිව මේ වැඬේ කරන්න. ඒක එළියට එනකම් අපි දන්නේ නැහැ. මිනිස්සු කොහොම භාරගනීවිද කියලා.

* රැුෆෙලාගේ චිත‍්‍රපටයේ ඉන්න නළු නිළියෝ කවුද?

ඒක මම තව ටික දවසකින් කියන්නම්. මම චිත‍්‍රපටයක් කරනවා කියලා දන්නේ ටික දෙනයි. මම අධ්‍යක්‍ෂකවරියක් නෙමෙයි. මම මීට කලින් චිත‍්‍රපට කරලා නැහැ. ඉතිං මට ඕනෑ වුණා ඒ වැඬේ හරි හෙමින් ස්ථාවරව කරන්න. ඒක හදාගෙන යන හින්දා ඉදිරියේදී වැඩි විස්තර කියන්නම් කියලා තමයි හිතාගෙන ඉන්නේ.

* සිනමාවේ වෙනසක් කරන්නද හදන්නේ?

ෆොටෝ ෂූට් ගත්තත් සිනමාවේ කොටසක් විදිහට තමයි අපි සිදුකරන්නේ. එතැන ඇත්තටම වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. ගොඩක් ආටිස්ලාට ෂූට් කළාට පස්සේ ඒ පෙනුමට වැඩ හම්බවෙලා තියෙනවා. විශේෂයෙන් චිත‍්‍රපටවලට, ටෙලිනාට්‍යවලට. මේක පිටරටවල කොමන් දෙයක්. මේ ෂූට් ලංකාවට අලූත් දෙයක්. පිටරටවල මේක බිස්නස් එකක් විදිහට වෙන දෙයක්. ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. එතැනදී ලොකු වෙනසක් වුණා කියලා මම හිතනවා. මේ පළපුරුද්දත් එක්ක මම හිතනවා මට සිනමාවේ වෙනසක් ඇතිකරන්න පුළුවන් වේවි කියලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here