Home කාලීන පුවත් චාමිකට ජපානයෙන් ලැබුණු සම්මානය

චාමිකට ජපානයෙන් ලැබුණු සම්මානය

by Hela news

වේදිකාවට පිවිසීම

මම පාසල් යන කාලේ නාට්‍ය විෂය හදාරලා නැහැ. නාට්‍යයකට සහභාගී වෙලා නැහැ. පිලියන්දල හොන්නන්තර ශ‍්‍රී පුන්‍යානන්ද දහම් පාසල තමයි මේ ගමනට මග කිව්වේ. මගේ යහළුවො දෙන්නෙක් හිටියා එරංග සහ සංජීව කියල. ටීවී එකේ විකාශනය වුණ විනෝද සමය සහ වෙනත් නාට්‍ය නරඹලා ඒවායේ කොටස් දහම් පාසල් වේදිකාවේ රඟදැක්වුවා. ඒ 1990-91 වසරවල. එතකොට අපි 8–9 ශ්‍රේණිවල ඉගෙනගත්තෙ.

ඉන් පස්සෙ නාට්‍ය කරන්න අවස්ථාවක් ලැබුණෙ නැහැ. සමහර වැඩමුළුවලට සම්බන්ධ වෙන්න හැදුවත් ආර්ථික අපහසුතා නිසා ඒවා මගහැරුණා.

පියවරක් ඉදිරියට උසස්පෙළින් පස්සෙ ටවර් හෝල් නාට්‍ය පාසලට ඉල්ලූම්පත‍්‍රයක් යොමු කළත් පළවැනි වටයෙන් අසමත් වෙනව. නමුත් දෙවැනි වටයෙදි එම කණ්ඩායමේ 48 වැනියා විදිහට මම සමත් වෙනව. මේ කාලෙදිම සුනන්ද පුෂ්පකුමාර මහත්මයාගේ නාට්‍ය වැඩමුළුවකට සහභාගී වෙන්නත් මට අවස්ථාව ලැබෙනව.

යහ ඇසුර

ටවර් හෝල් පාසලේදී මට විශාල පිරිසක් හඳුනාගන්න මට අවස්ථාව ලැබෙනව. ඒ අතර ප‍්‍රසන්නජිත් අබේසූරිය” ඉන්දික ෆර්ඩිනැන්ඩු” තුමිඳු දොඩංතැන්න” ජයලත් මනෝරත්න” නිශ්ශංක දිද්දෙණිය” ආරියවංශ රණවීර වගේ ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් හිටියා. ඊට අමතරව පොඩි පොඩි නාට්‍ය කළා. මේවායින් ලබාගන්නා අත්දැකීම් එක්ක ස්වයං අධ්‍යයනය මගින් ක්‍ෂේත‍්‍රය ගැන හදාරන්නට මම උත්සාහ කළා.

තමාව හඳුනා ගැනීම

පුංචි කාලේ ඉඳලම නාට්‍යවලට ලොකු ආසාවක් තිබුණා. ඒ කාලෙ මම ආච්චිට එන්න කියල මේසයක් උඩ නැගල ර`ගපානවලූ. ගේ වටේ පෝස්ටර් ගහනවලූ. නමුත් ඒ හැකියාව ඉස්මතු වෙන්න පසුබිමක් තිබුණෙ නැහැ. පාසලෙන්වත් අපේ හැකියාවන් හඳුනාගත්තෙ නැහැ. මම ශිෂ්‍යත්වයත් අසමත් කෙනෙක්. නමුත් අසමත් මාව සමත් කළේ නාට්‍ය විෂය. නාට්‍ය කියන්නෙ ලොකු ශක්තියක් තියෙන ක්‍ෂේත‍්‍රයක්. මම මාව හඳුනාගත්තේ නාට්‍ය නිසා.

වෘත්තිය

මගේ වෘත්තියත් විනෝදාංශයත් නාට්‍ය වුණත් ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලයේ ගුරුපත්වීමක් මට ලැබෙනව. අවුරුදු නවයක සේවා කාලයක් අවසානයේ පිළියන්දල කලාපයේ ගුරු උපදේශක තනතුරක් ලැබෙනව. එයින් පස්සෙ කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ නාට්‍ය හා රංගකලාව පිළිබඳ කථිකාචාර්යවරයෙක් විදිහට මේ වන විට වසර හතරක් පුරා කටයුතු කරනවා.

එදා සහ අද

 අපි ක්‍ෂේත‍්‍රයට ආවේ රූපවාහිනී මාධ්‍ය ප‍්‍රභල විදිහට වේදිකාවට බලපෑම් කරමින් තිබුණ කාලෙක. 60-70 දශකවල තිබුණ ප‍්‍රබෝධය අපේ කාලෙ තිබුණෙ නැහැ. මම අන්තර්ජාතික වේදිකාව දැකල තියෙනව. ඒ නිසා බය නැතිව කියන්න පුළුවන් ලංකාවේ අදටත් හොඳ නාට්‍ය කලාවක් තියෙනව කියල. යම් ප‍්‍රමාණයක පේ‍්‍රක්‍ෂකයන්ගෙ අඩුවක් තියෙනව. නමුත් හොඳ තරුණ නිර්මාණකරුවො අපිට ඉන්නවා. ඔවුන් නාට්‍ය ගැන පර්යේෂණ කරනව. එමගින් ගුණාත්මක නාට්‍ය බිහිවෙනව.

අදවෙනකොට පාසල්වල කලා විෂය උගන්වනව. විශ්ව විද්‍යාලවල. නාට්‍ය කලාව තියෙනව. නමුත් මේ දේවල් තවදුරටත් සංවර්ධනය විය යුතු වුවත් ඒ සඳහා රජයෙන් ලැබෙන සහයෝගය මදි. ඒ සහයෝගය ලැබුණත් නොලැබුණත් නාට්‍යකරුවො නිර්මාණ බිහිකරනව. මේ කලාව එදා තිබුණ තැනින් ඉදිරියට ගෙනියන්න තමයි අපි උත්සාහ කරන්නෙ.

සම්මානයක බලාපොරොත්තුව

මම නිර්මාණයක් කරනකොට සම්මානයක් බලාපොරොත්තුවෙන් තමයි වැඩ කරන්නේ. අපේ උත්සවය වෙන්නෙ රාජ්‍ය නාට්‍ය උළෙල. ඒ වෙනුවෙන් කැපවීමෙන් මහන්සිවෙලා වැඩ කරනව. මට සම්මාන ලැබුණ අවස්ථා තියෙනව. නොලැබුණ අවස්ථාත් තියෙනව. ලැබුණාම සතුටුයි. නොලැබුණාම දුකයි. නමුත් ලැබුණත් ශක්තියක් නොලැබුණත් ශක්තියක් කියල හිතලයි මම වැඩ කරන්නෙ.

මගේ ‘රජා මං වහලා’ නාට්‍ය කෘතියට 2020 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලෙදි හොඳම ස්වතන්ත‍්‍ර නාට්‍ය කෘතියට හිමි සම්මානය හිමි වුණා. ඒ වගේම පසුගිය සතියේදි ශ‍්‍රී ලංකාවේ වේදිකා නාට්‍ය වෙනුවෙන් කළ සේවයට උපහාරයක් හැටියට ජපන් රජයෙන් පිරිනැමෙන ‘බුන්කා’ සම්මානයත් මට හිමි වුණා.

දායකත්වය

1998 වසරේ ඉඳන් හෙන්රි ජයසේනයන්ගේ හුණුවටයේ කතාවේ සයිමන් සසාවා චරිතයට පණ දෙන්නේ මම. ඒ හරහා මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මංගල සේනානායක මහත්මයාගේ ජූලියස් සීසර් නාට්‍යයටත් මම රංගනයෙන් දායක වුණා.

මගෙන් වැඩක්

මම මේ වෙනකොට දිගු නාට්‍ය පහක් රචනය” නිෂ්පාදනය සහ අධ්‍යක්‍ෂණය කරලා තියෙනවා. ‘හයිනා. (2003 ඉන්දියානු නාට්‍ය උළෙල ශ‍්‍රී ලංකා නියෝජනය) ” ‘හරි අපූරු දවසක්. (2008 හොඳම නාට්‍ය සමග සම්මාන අටයි) (කයිරෝ සහ නේපාල නාට්‍ය උළෙළ ශ‍්‍රී ලංකා නියෝජනය) ” ‘මකරට. (2013 රාජ්‍ය සම්මානය ඇතුළු සම්මාන නවයයි)” ‘රජා මං වහලා. (හොඳම නාට්‍ය ඇතුළු සම්මාන දහයය) ” ‘බෝම්බයක් ඉතිරියි. (2018 රාජ්‍ය නාට්‍ය උළෙල අවසන් වටය නියෝජනය සහ කුසලතා සහතික දෙකක්). ඒ වගේම කෙටි නාට්‍ය අටක් රචනා කරලා දෙකක් නිෂ්පාදනය කළා. ළමා නාට්‍ය අටක් රචනා කරලා දෙකක් නිෂ්පාදනය කළා. පාසල් නාට්‍ය දහසයක් නිෂ්පාදනය සහ අධ්‍යක්‍ෂණය කළා.

අභියෝග

නාට්‍ය රචකයෙක් සහ අධ්‍යක්‍ෂවරයෙක් හැටියට මට මුහුණ දෙන්න සිදු වුණ අභියෝග රැුසක් තියෙනවා. මූලිකම දේ නිෂ්පාදකවරයෙක් සොයාගැනීම” නළුනිළියන් සොයාගැනීම” පෙර පුහුණුවීම් කිරීම” කණ්ඩායම දිගුකාලීනව එකට තියාගැනීම” නාට්‍ය ප්‍රේක්‍ෂකාගාරයට රැුගෙන යෑම සහ දර්ශන රට වටා ගෙන යෑම ඒ අතරින් මූලික දේවල් හැටියට ගන්න පුළුවන්.

අඩුපාඩු

ලංකාවේ නාට්‍ය වේදිකාගත කරන්න සුදුසු” හොඳම සහ උපරිම ශාලා නැහැ. දුරබැහැර පළාත්වල කොහොමවත් රංග ශාලා නැහැ. නාට්‍යක් පෙන්වන්න කොළඹ නෙළුම් පොකුණට යන්න බැහැ. මේ අඩුපාඩු සපුරන්න නම් හොඳ දැක්මක් තියෙන්න ඕන. නමුත් ඒ දේවල් සිද්ධ නොවෙනව නම් අපිට පුළුවන් වෙන්න ඕනා ඕනෑම තැනක වේදිකාගත කරන්න පුළුවන් විදිහට නාට්‍ය හදන්න. තියෙන පහසුකම්වලට අනුව නාට්‍ය හදනව හැරෙන්න නැති පහසුකම් ගැන හිතලා ඒ ගැන මැසිවිලි නැගීමෙන් පලක් වෙන්නෙ නැහැ.

0 comment
0

Related Posts

Leave a Comment