Home උණුසුම් පුවත් ඝාතනය කර ගමන් මල්ලක දමා තිබූ කාන්තාවගේ නම අනාවරණය වෙයි

ඝාතනය කර ගමන් මල්ලක දමා තිබූ කාන්තාවගේ නම අනාවරණය වෙයි

by Hela news

සපුගස්කන්ද, මාබිම ප්‍රදේශයේදී ගමන් බෑගයක තිබී හමුවූ කාන්තා මළ සිරුර මොහොමඩ් සාෂි ෆාතුමා මුම්ටාස් නැමති කාන්තාවගේ බවට හඳුනාගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ ඝාතනයට ලක්වූ කාන්තාවගේ සැමියා සහ දරුවන් දෙදෙනා විසින් එලෙස හඳුනාගත් බවය.

මියගිය කාන්තාව 44 හැවිරිදි මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තියකි.

අදාළ මළ සිරුර කසළ ගොඩක අත්පා ගැටගසා ගමන් මල්ලක දමා තිබිය දී ඊයේ (04) සොයාගනු ලැබීය.

ඇය දැඩි ලෙස සූදුවට ඇබ්බැහි වූ තැනැත්තියක් බවද පොලීසිය පවසයි. 

ඇය කොළඹ 10, රම්සා පෙදෙස ,මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ පදිංචිකාරිණියකි.

පසුගිය 28 වැනිදා මෙම කාන්තාව ඇයගේ යෙහෙළියක සමඟ මාලිගාවත්ත ප්‍රදේශයෙන් ත්‍රිරෝද රථයක් ගෙන පිටත්ව ගොස් තිබුණි.

එදින සිට ඇය සම්බන්ධයෙන් කිසිදු තොරතුරුක් නොමැති වීම නිසා ඇගේ සැමියා පසුගිය පළමු වැනිදා ඒ පිළිබඳ බ්ලූමැන්ඩල් පොලීසියට පැමිණිලි කර ඇති බවද විමර්ශන නිලධාරීන් පවසයි.

ඒ අනුව බ්ලුමැන්ඩල් පොලීසිය, ත්‍රිරෝද රථයෙන් ගිය අනෙක් කාන්තාවගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණි.

ඇය මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකාරිණියකි.

තමා සමඟ ත්‍රිරෝද රථයේ ගමන් කළ යෙහෙළිය ත්‍රිරෝද රථයෙන් බැස මෝදර ලෙල්ලම ප්‍රදේශයට ගමන් කළ බව ඇය එහිදී ප්‍රකාශ කර තිබේ.

නමුත් ඒ බව තහවුරු කරගැනීමට එම ප්‍රදේශයේ CCTV දර්ශන පරීක්ෂා කළ පොලීසිය පවසන්නේ මෙම කාන්තාව පැවසූ ආකාරයේ සිදුවීමක් සිදුව නොමැති බවය.

මේ අතර මියගිය මොහොමඩ් සාෂි ෆාතුමා මුම්ටාස් අතුරුදන් වූ දිනයේත් සූදුවෙහි නිරත පුද්ගලයින් සමඟ සිට ඇති බව වාර්තා වී ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.

මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය රාගම ශික්ෂණ රෝහලේදී හෙට (06) සිදුකිරීමට නියමිතය.

කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

0 comment
0

Related Posts

Leave a Comment