Home කාලීන පුවත් ඝාතනයකට වරෙන්තු ලැබූ අයකු වසර 31කට පසු අත්අඩංගුවට අරගෙන.

ඝාතනයකට වරෙන්තු ලැබූ අයකු වසර 31කට පසු අත්අඩංගුවට අරගෙන.

by Hela news

ගාල්ල මහාධිකරණයෙන් වරෙන්තු ලබා සිටි මිනී මැරුම් නඩුවක විත්තිකරුවකු අවුරුදු 31කට පසු වඳුරඹ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වඳුරඹ ඉඳුරුපත්විල පදිංචි මේ වනවිට 82 හැවිරිදි පසුවන විත්තිකරුවෙකි.

මේ විත්තිකරු 1984දී එවකට බද්දේගම පොලිස් බල ප්‍රදේශයට අයත් ඉඳුරුපත්විලදී තවත් තිදෙනකු සමඟ එක්ව මනුෂ්‍ය ඝාතනයක් කර ඇති බවත් ඒ සම්බන්ධ නඩුව ගාල්ල මහාධිකරණයේ විභාග වෙමින් තිබියදී තීන්දුව දීමට පෙර මේ විත්තිකරු මාලදිවයිනට පලාගොස් ඇති බවත් පොලිසිය පවසයි.

පසුව අනෙක් විත්තිකරුවන් තිදෙනාට මහාධිකරණය විසින් සිර දඬුවම් නියම කර මේ විත්තිකරුට වරෙන්තු නිකුත් කර ඇත. මේ සිද්ධිය වෙන කාලයේදී ඔහුගේ වසය අවුරුදු 51ක් පමණ වේ.

මේ අතර එම විත්තිකරුවන් තිදෙනාගේ දඬුවම් අවසන් වීමෙන් පසු ගමට පැමිණ ඇති අතර, වරෙන්තුකරුද මාලදිවයිනේ සිට ගමට පැමිණ ඇත. එසේ පැමිණ සිටියදී ලැබුණු තොරතුරක් මත වඳුරඹ පොලිසියේ නිලධාරීන් විසින් වරෙන්තුකරු අත්අඩංගුවට ගෙන බද්දේගම පොලිසියට බාරදී ඇති අතර, ඔහු ගාල්ල මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

0 comment
0

Related Posts

Leave a Comment