Home දේශීය පුවත් ගෝලීය වශයෙන් සමුද්‍රීය තිරසර කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට කැපවෙන බව අගමැති පවසයි.

ගෝලීය වශයෙන් සමුද්‍රීය තිරසර කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට කැපවෙන බව අගමැති පවසයි.

by Hela news

ශ්‍රී ලංකාව කලාපයේ ගෝලීය සමුද්‍රීය තිරසර කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ  (07) ප්‍රකාශ කළේය. ද ඉකොනොමිස් කණ්ඩායම විසින් සංවිධානය කළ ආසියා පැසිෆික් කලාපීය ලෝක සාගර සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වමින් අග්‍රාමාත්‍යතුමා මාර්ගගත වීඩියෝ තාක්ෂණය ඔස්සේ  මේ බව අවධාරණය කළේය. ඉන්දියන් සාගරයෙන් වට වූ දූපත් රාජ්‍යයක් ලෙස සාගරයට මෙන්ම එහි වැසියන්ට ගෞරව කිරීමටත් ඉන්දියන් සාගරය ආරක්ෂා කිරීමටත් විශාල වගකීමක් ශ්‍රී ලංකාවට පැවරී ඇතැයි අග්‍රාමාත්‍යතුමා මෙහි දී පැවසීය. දෙසැම්බර්  06 සිට 10 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමයට පැවැත්වෙන මෙම සමුළුවට ලොව පුරා දෙදහසකට අධික පිරිසක් එක්වන අතර කථිකයන් 100 දෙනෙක් දෙසුම් පවත්වති. මෙවර සාකච්ඡාවේ ප්‍රධාන තේමාවක් වී ඇත්තේ නීල-මූල්‍ය යාන්ත්‍රණයන් සහ ප්‍රධාන ධාරාවේ මූල්‍ය මගින් තිරසර නිල් ආර්ථිකයකට වඩා හොඳින් සහාය විය හැකි ආකාරය විමසා බැලීමයි. පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා සැලකිය යුතු මූල්‍ය හා මානව සම්පත් අවශ්‍ය වන බැවින්, සාගර සුවතාව වැඩිදියුණු කිරීමට සහ සමුද්‍ර ජෛව විවිධත්වය ඉහළ නැංවීම සඳහා සංවර්ධනය වෙමින් පවතින දූපත් රාජ්‍යයන් වෙත තිරසාර සමුද්‍ර තාක්ෂණය සහ දැනුමෙන් සන්නද්ධ සංවර්ධිත රටවලට ආරාධනා කරනවා’’ යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

0 comment
0

Related Posts

Leave a Comment