Home විදෙස් පුවත් ගෝලීය දේශගුණික විපර්යාසයට 2030දී ඉන්දියාවෙන් විසඳුමක්

ගෝලීය දේශගුණික විපර්යාසයට 2030දී ඉන්දියාවෙන් විසඳුමක්

by Hela news

දේශගුණික අරමුණු සපුරා ගැනීම සඳහා දායකත්වය සැපැයීමක් ලෙස වසර 2030 වන විට ගිගාවොට් 500ක පුනර්ජනනීය බලශක්ති උත්පාදනයක් සිදු කිරීම ඉන්දියාවේ ඉලක්කය බවට පත් වී තිබේ. ග්ලාස්ගොව්හි පැවැති කෝප්26 සමුළුවේදී ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්දාන් ශ්‍රින්ග්ලා මේ බව නිවේදනය කර ඇති අතර, එය දේශගුණික සමුළුවේ අවධානයට ලක් වූ ඉලක්ක සපුරා ගැනීමේ වැදගත් කරුණක් බවට ද පත් වී ඇත.

ගෝලීය දේශගුණික විපර්යාසයන් සම්බන්ධව පැන නැගී ඇති ගැටලු විසඳීම සඳහා මෙවැනි දායකත්වයක් සැපයීමට හැකි වීම අතිශය වැදගත් බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මේ පිළිබඳ එම සමුළුවේදී කියා සිටි බවත් විදේශ ලේකම්වරයා එම සමුළුවේ ප්‍රගතිය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් කියා තිබේ.

වසර 2030 වන විට ඉන්දියාවට අවශ්‍ය බලශක්ති ධාරිතාවෙන් 50% ක්ම පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍රය මගින් සපුරා ගන්නා බවත් එම සමුළුවේදී ඉන්දීය අගමැතිවරයා ප්‍රකාශ කර තිබේ. ඒ දක්වා කාලය ඉන්දියාවේ සමස්ත විදුලි බලයෙන් 40%ක් ඇතුළත පොසිල නොවන බලශක්ති මූලාශ්‍රය ඔස්සේ සපුරා ගැනීමට පියවර ගෙන ඇත. 2030 දක්වා ඉන්දියාව කාබන් විමෝචනය ටොන් බිලියනයකින් අඩු කිරීමට ද කටයුතු කරමින් සිටී.

0 comment
0

Related Posts

Leave a Comment