Home විදෙස් පුවත් ගෝලීය ආරක්ෂක පද්ධතියට චීනයෙන් නව යෙදවුමක්

ගෝලීය ආරක්ෂක පද්ධතියට චීනයෙන් නව යෙදවුමක්

by Hela news

අන්තර්ජාතික ආරක්ෂක පද්ධතියට සම්බන්ධ කිරීම සඳහා චීනය විසින් කෘත්‍රිම බුද්ධිය සක්‍රීය කිරීමේ යෙදුමක් සකස් කර ඇතැයි වාර්තා වේ. නව යෙදුම හඳුන්වා දීමට චීනය පියවර ගෙන ඇත්තේ ද්වි කාර්ය යෙදුමක් ලෙස දැනට ක්‍රියාත්මක වන AI නමැති තාක්ෂණය මගින් සිවිල් හෝ හමුදා තත්ත්වයන් පිළිබඳ දත්ත ලබා ගැනීම දුෂ්කර බැවිනි. නව යෙදුම හමුදාමය තත්ත්වයන් පිළිබඳ පහසුවෙන් දත්ත එක්රැස් කිරීමට භාවිත කළ හැකි බව ද ඒෂියා ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.

සාම්ප්‍රදායික ආයුධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ හය වැනි සමාලෝචන සමුළුවේදී එම කෘත්‍රිම බුද්ධිය සක්‍රීය කිරීමේ යෙදුම පිළිබඳ පත්‍රිකාවක් චීනය විසින් ඉදිරිපත් කරනු ලැබූ බව ද ඒෂියා ටයිම්ස් පුවත්පත වැඩිදුරටත් වාර්තා කළේය. කෙසේ වුවත් එම පත්‍රිකාව විවාදයට ගත යුතු කරුණක් බවටත්, ඉන් වැළකී සිටීමට කටයුතු කළ යුතු බවටත් එම සමුළුවේදී සෙසු රටවල් අවධාරණය කර ඇත.

0 comment
0

Related Posts

Leave a Comment