Home ක්‍රීඩා පුවත් ගේල්ගේ අවසන් තරගය සබීනා පාක්හිදී.

ගේල්ගේ අවසන් තරගය සබීනා පාක්හිදී.

by Hela news

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ගේල්ට ඔහුගේ උපන් නගරයේදී සමු ගැනීමේ තරගයක් දීමේ අදහසට එරට ක්‍රිකට් ආයතනය එකඟ වී ඇති අතර, එය බොහෝ විට ලබන වසරේ ජනවාරි දෙවැනි සතියේදී අයර්ලන්තය සමඟ වනු ඇතැයි කැරිබියන් මණ්ඩලයේ සභාපති රිකී ස්කෙරිට් මහතා පවසයි.

42 හැවිරිදි ජැමෙයිකානු ජාතිකයා මෑතකදී තම උපන් නගරයේ අවසන් තරගය ක්‍රීඩා කිරීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති අතර, එරට ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ජොනී ග්‍රේව් ද ඉඟි කර ඇත්තේ සමුගැනීම ජනවාරි මාසයේදී අයර්ලන්තයට එරෙහි විස්සයි20 තරගය විය හැකි බවයි.

“අපි ජනවාරි දෙවන සතියේ අයර්ලන්තයට එරෙහිව එක්දින තරඟ තුනක් සහ පසුව සබීනා පාර්ක්හි එක් විස්සයි20 තරගයක් ක්‍රීඩා කිරීමට නියමිතයි. ගේල්ගේ රසිකයන්ට සබීනා පාර්ක් වෙත එන්න ඉඩ දුනහොත් එය හොඳ අවස්ථාවක්” ස්කෙරිට් මහතා පැවසීය.

0 comment
0

Related Posts

Leave a Comment