Home උණුසුම් පුවත් ගුරු-විදුහල්පති වැටුප් වැඩි කිරීමේ ඇමැති අනුකමිටු නිර්දේශ මාස හයක් තුළ ක්‍රියාවට

ගුරු-විදුහල්පති වැටුප් වැඩි කිරීමේ ඇමැති අනුකමිටු නිර්දේශ මාස හයක් තුළ ක්‍රියාවට

by Hela news
  • කැබිනට්ටුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට උපදෙස්
  • විදුහල්පතීන්ට ඉන්ධන, දුරකතන, කාර්ය මණ්ඩල ඇතුළු වරප්‍රසාද

වැටුප් වැඩි වන්නේ මෙසේයි

විදුහල්පති 3 ශ්‍රේණිය – 19.54%

2 ශ්‍රේණිය – 21.59%

1 ශ්‍රේණිය – 25.95%

ගුරු 3 – II ශ්‍රේණිය – 13.52%

3 – I C ශ්‍රේණිය – 15.64%

3 – I B ශ්‍රේණිය – 18.48%

3 – I A ශ්‍රේණිය – 20.43%

ගුරු-විදුහල්පති වැටුප් විසමතාව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ අමාත්‍ය අනුකමිටුව ඉදිරිපත් කළ සියලු නිර්දේශ මාස හයක කාලයක් තුළ ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව එම අමාත්‍ය අනුකමිටුවේ සාමාජික කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා ඊයේ (1) ප්‍රකාශ කළේය.

ගුරු විදුහල්පති වැටුප් විසමතාව ඉවත් කිරීමට ගනු ලැබූ නිර්දේශ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවට ඊයේ (1) එක් වෙමින් වීරවංශ මහතා මේ බව පැවසීය.

මෙම ගැටලුව විසඳිමට නිර්දේශීත වැටුප් සංශෝධන අමාත්‍ය මණ්ඩලයට කමිටුව මඟින් ඉදිරිපත් කළ බවත් ඒ අනුව සියලු දෙනාාගේ වැටුප් වැඩවීම සිදු වන බවත් ඇමැතිවරයා මෙහිදී කිවේය. වැඩිදුරටත් අදහස් දැක්වු ඇමැතිවරයා මෙසේද කීවේය. මොනවාද මේ ‘නිර්දේශිත වැටුප් සංශෝධනයන්’ කියන්නේ? මේ තිබෙන්නේ අප කැබිනට් මණ්ඩලයට ඉදිරපත් කළ අනු කමිටු වාර්තාව එහි පළමු ඇමුණුමේ තිබෙනවා වැටුප් වර්ධනය වන අන්දම. ඒ අනුව විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණියට(SLPS III) වැටුප් වැඩි වෙනවා 19.54% කින්. එනම් 35,280, 42,175 දක්වා වැඩි වෙනවා.

ඒ වගේම විදුහල්පති සේවයේ දෙවන ශ්‍රේණියට(SLPS II) වැටුප් වැඩි වෙනවා 21.59% කින්. එනම් 40,040, 48,685 , දක්වා වැඩි වෙනවා. විදුහල්පති සේවයේ පළමුවැනි ශ්‍රේණියට(SLPS I) වැටුප් වැඩි වෙනවා 25.95% කින්. එනම් 46,325 , 58,345 දක්වා වැඩි වෙනවා. ගුරුවරුන්ගේ වැටුප් වැඩිවීමත් මෙලෙසමයි. SLTS 3 – II ශ්‍රේණියට වැටුප් වැඩි වෙනවා 13.52% කින්. SLTS 3 – I C ශ්‍රේණියේ වැටුප් වැඩිවීම 15.64% ක්. SLTS 3 – I B ශ්‍රේණියේ වැටුප් වැඩිවීම 18.48% ක්. එලෙසම SLTS 3 – I A ශ්‍රේණියට 20.43% කින් වැටුප් වැඩි වෙනවා. මෙම වැටුප් වැඩිවීම් කැබිනට් මණ්ඩලය අනුමත කර තිබෙනවා. මෙම වැටුප් වැඩිවීම් නොවැම්බරයේදී ඉදිරිපත් කරන අය-වැයත් සමඟ ක්‍රියාත්මක වෙනවා.

රටේ පවතින ආර්ථික තත්ත්වය අනුව මහා භාණ්ඩාගාරයට දරා ගත හැකි ආකාරයට මෙම වැටුප් වැඩිවීම දීමට අප අනුකමිටුව ලෙස විවෘත ඉඩකඩක් තබනු ලැබුවා.

මහා භාණ්ඩාගාරයට පෙනෙනවා නම්, ‘අපට මෙම ගෙවීම් එකවර කළ හැකියි’ කියා මුදල් ඇමතිතුමා ඒ අදහස අයවැය කතාවේදී කියයි. මහා භාණ්ඩාගාරයට පෙනෙනවා නම් ‘මෙය අදියර දෙකකින් ලබාදිය යුතුයි’ කියා එය මුදල් ඇමතිතුමා අයවැය කතාවේදී සඳහන් කරයි.

එයයි අපි අතර ඇතිවී තිබෙන එකඟතාව. මීට අමතරව අපි තවත් ගුරු විදුහල්පති සේවාවන්ට අදාළ නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ සියල්ල පළාත් සභාවන්හි අධ්‍යාපනයට අදාළ බලධාරීන් සමග එක්ව මාස 06ක් ඇතුළත ක්‍රියාත්මක කරන ලෙස ද කැබිනට් මණ්ඩලය අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝග කර තිබෙනවා. ‘ශ්‍රී ලංකාවේ සමස්ත ගුරු ප්‍රජාව උපාධිධාරීන් බවට පත් කිරීම අපගේ විශේෂිත අරමුණක් වේ. ඒ සඳහා අධ්‍යාපන විද්‍යාපීඨ ලෙස පවත්වාගෙන යන පීඨ 18ම විශ්ව විද්‍යාල පීඨ බවට පත් කළ යුතුය’ යන්න එම නිර්දේශ අතර තිබෙනවා.

0 comment
0

Related Posts

Leave a Comment