Home දේශීය පුවත් ගිවිසුම් ගැන අහන ප්‍රශ්නවලට‍ පිළිතුරු දෙන්න ඇමැතිවරුන් බැඳී සිටිනවා

ගිවිසුම් ගැන අහන ප්‍රශ්නවලට‍ පිළිතුරු දෙන්න ඇමැතිවරුන් බැඳී සිටිනවා

by Hela news

යම් ගිවිසුමක් සම්බන්ධයෙන් අසන ලද ප්‍රශ්නවලට අදාළ තොරතුරු පාර්ලිමේන්තුවට දීමට ඇමැතිවරුන් අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම බැඳී සිටින බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (13) පැවසීය. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අධිකරණ බලතල ඇත්තේ පාර්ලිමේන්තුවට බවත් පාර්ලිමේන්තුවේ බලතල සියල්ල පාර්ලිමේන්තුව මඟින් තීරණය කළ යුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රනිල් වික්‍රසිංහ මහතා මේ බව පවසා සිටියේ පාර්ලිමේන්තුවේදී සිය අදහස් දක්වමිනි.

ඇමැතිවරුන් පාර්ලිමේන්තුවට තොරතුරු දීම වළකින ගිවිසුම් ගැන මා කතා කරන්න කැමතියි. ව්‍යවස්ථාවේ 43 වගන්තිය යටතේ ඇමැතිවරුන් පාර්ලිමේන්තුවට සාමූහිකව වගකිව යුතුයි. එය ක්‍රියාත්මක කරන්නේ 4 වැනි වගන්තිය තුන්වන උප වගන්තිය යටතේයි. පාර්ලිමේන්තු කටයුතු ගැන අධිකරණ බලතල තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. පාර්ලිමේන්තුවේ බලතල සියල්ල පාර්ලිමේන්තුව තීරණය කළ යුතු බව ද සඳහන්ව තිබෙනවා. මේ අනුව පාර්ලිමේන්තුවේ බලතල සහ වරප්‍රසාද පනතින් දී ඇති වරප්‍රසාදවලට අමතරව එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට තිබෙන අයිතිවාසිකම් ද අපට තිබෙනවා. ඒ සියලු වරප්‍රසාද සහ අයිතීන් රටේ සාමාන්‍ය නීතියේ කොටසක්. 67 වැනි වගන්තිය යටතේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද බලතල සියලු දේ පාර්ලිමේන්තුව තීරණය කළ යුතුයි. ස්ථාවර නියෝග අනුව වුවත් ප්‍රශ්න ඇසිය හැකියි. ඇමැතිවරයා නැති නම් රාජ්‍ය ඇමැතිවරයා හෝ නියෝජ්‍ය ඇමැතිවරයා පිළිතුරු දිය යුතුයි. මේ පිළිබඳ කොමන් සභාවේත් පැහැදිලි කර තිබෙනවා. උසාවියෙන් ලබා ගත් ගිවිසුමක් මම සභාගත කරනවා. පාර්ලිමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා මේ ගැන ඒකාධිකාරයක් නැති බවට. එල්.එන්.ජී. ගේනවා නම් කෙරවලපිටියට විතරයි. තනි අයිතිය එයට දිය යුතුයි. චීනය ඉල්ලුවා එතැනට අයිතිය නොදී එකකට පමණක් සීමා කර තිබෙනවා.

සභානායකවරයා

විදුලිබල ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී දෙවරක් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දී තිබෙනවා. තුන්වැනි වරටත් අදාළ ගිවිසුමේ පිටපතක් නැති වුවත් අතේ තිබූ පිටපතකින් පිළිතුරු දුන්නා. ඇමැතිවරයාට යළිත් කියන්නම්. විශේෂ පක්ෂ නායක රැස්වීමක් ඉල්ලනවා නම් මේ සම්බන්ධයෙන් ඒ සඳහා අවස්ථාව දෙන්නම්.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා (සජබ)

මන්ත්‍රීවරුන්ට ඉල්ලන තොරුතුරු දෙන්න ඇමැතිවරුන් බැඳී සිටිනවා.

0 comment
0

Related Posts

Leave a Comment