Home දේශීය පුවත් ගිය ආණ්ඩුව කාලේ පොහොර වර්ග තුනකට ව්‍යාජ වාර්තා සකසා කළ බිලියනයකට වැඩි මුදල් වංචාවක් ගැන විමර්ශනයක්

ගිය ආණ්ඩුව කාලේ පොහොර වර්ග තුනකට ව්‍යාජ වාර්තා සකසා කළ බිලියනයකට වැඩි මුදල් වංචාවක් ගැන විමර්ශනයක්

by Hela news

ඉකුත් රජය සමයේ රජය විසින් පොහොර ලේකම් කාර්යාලය හරහා වී ගොවින්ට ලබා දුන් යුරියා ඇතුළු පොහොර වර්ග තුනක් සඳහා ව්‍යාජ රසායනික වාර්තා සකස් කර බිලියනයකට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (3) කරුණු වාර්තා කළේය.

පොහොර ලේකම් කාර්යාලය විසින් 2018 හා 2019 වර්ෂවලට අදාළව අපනයනය කළ යුරියා,එම් ඔ වී හා ටි ඇස් ඩි පොහොර සඳහා මෙසේ ව්‍යාජ රසායනික වාර්තා සකස් කර මුදල් වංචා කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු සඳහන් කරමින් වාර්තාවක් ඉදිරිපත් කළේය.

මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මෙහි විමර්ශන ආරම්භ කර ඇත.

ජාතික පොහොර සහනාධාර ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක මෙරටට ගෙන්වු පොහොර සම්බන්ධයෙන් ව්‍යාජ ලේඛන සකස් කර ඇති බවත් මේ සිද්ධියට අදාළව දැනටමත් නිලධාරීන් කිහිපදෙනකුගේ වැඩ තහනම් කර ඇති බවට පැමිණිල්ලේ සඳහන්ය. 2018 හා 2019 වර්ෂවලට අදාළව මෙරටට ගෙන්වන ලද පොහොර සම්බන්ධයෙන් ව්‍යාජ රසායනික වාර්තා සකස් කර බිලියනයකට අධික මුදලක් වංචා කර ඇතැයි පැමිණිල්ලේ සඳහන්ය.

සිද්ධියට අදාළව පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ වන ජයසුරියආරච්චිගේ දමිත්,නීති නිලධාරි එච් ගයාන් හෙක්ටර් හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා යන අයවලුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.

0 comment
0

Related Posts

Leave a Comment