Home උණුසුම් පුවත් ගිනිගත් නැව හේතුවෙන් ශ්‍රී ලංකාවට වන්දි ලැබෙයිද

ගිනිගත් නැව හේතුවෙන් ශ්‍රී ලංකාවට වන්දි ලැබෙයිද

by Hela news

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වු ගින්නෙන් මෙරටට සිදුවූ බලපෑම හා හානිය සම්බන්ධයෙන් වන්දි ලබාගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග හා මීට අදාළව පත්කළ කමිටු හා ආයතන විසින් මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ගයන්හි ප්‍රගතිය විමසාබැලීමේ තවත් සාකච්ඡාවක් අද (15) පැවැත්විණි.

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ  ප්‍රධානත්වයෙන්, නීතිපති ගරු සංජය රාජරත්නම් මහතාගේ හා අදාළ ආයතනයන්හි රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් එය අද පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

ගිලී ඇති එම නෞකාවෙන් තෙල් කාන්දුවීමක් සිදුවුවහොත් එය වැළැක්වීම සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ගයන් පිළිබදව සාකච්ඡා වු අතර ඒ පිළිබදව නිරන්තර අවධානයෙන් සිටින ලෙස අධිකරණ අමාත්‍යතුමා විසින් සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරීය, ශ්‍රී ලංකා නාවික හමුදාව,වරාය අධිකාරීය, නාරා ආයතනය හා වෙළද නාවික ලේකම් කාර්යාලය ඇතුළු නිලධාරීන් වෙත දැන්වීය.

විශේෂයෙන් සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරීය, ශ්‍රී ලංකා නාවික හමුදාව, වරාය අධිකාරිය, නාරා ආයතනය හා වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය වැනි ආයතන අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් මනා සම්බන්ධිකරණයක් පැවතීම වැදගත් බවත්, ඒ පිළිබඳ ව ඔවුන් නිරන්තරයෙන් සාකච්ඡා සිදුකරමින් කටයුතු කළයුතු බවත්, නෞකාවෙන් වු හානිය සම්බන්ධයෙන් රජය විසින් මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ගයන් පිළිබදව ජනතාව දැනුවත් කිරීම කළ යුතු බවත්, අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

විශේෂයෙන් නෞකාවේ ගින්නෙන් වු හානියට වන්දි ලබාගැනීම සදහා ගෙන යමින් පවතින ක්‍රියාමාර්ගයන් මෙන්ම ධීවර ජනතාව වෙනුවෙන් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීම අතිශයින් වැදගත් බව ඔහු මෙහිදී අවධාරණය කළේය.

නැවෙහි ඇති වු ගින්න හේතුවෙන් සිය රැකියා අහිමිව පීඩාවටපත් ධීවර ජනතාවට වන්දි මුදල් ලබාදීමේ කටයුතු මේ වන විටත් සිදු කර ඇති බවත්, හානිය සම්බන්ධව සම්පුර්ණ වන්දි මුදල් ලබා ගැනීමට අදාළ කටයුතු තවදුරටත් සිදු වන බවත් මෙහිිදී සාකච්ඡා විය.

නීතිපතිවරයා විසින් මෙතෙක් ගෙන ඇති නීතිමය පියවර සම්බන්ධයෙන් අදහස් දැක්වු අතර සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරීය, ශ්‍රී ලංකා නාවික හමුදාව,වෙළද නාවික ලේකම් කාර්යාලය, නාරා ආයතනය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් විසින් එම ආයතන විසින් ගෙන ඇති පියවර පිළිබදව මෙහිදී අදහස් දැක්වීය.
 

0 comment
0

Related Posts

Leave a Comment