Home උණුසුම් පුවත් ගිනිඅවියක් සමග පොලිස් භාරයට පත්වු පුද්ගලයා.

ගිනිඅවියක් සමග පොලිස් භාරයට පත්වු පුද්ගලයා.

by Hela news

පුදුකුඩිඉරිප්පු, මාණික්කපුරම් ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

අත්අඩංගුවට ගත් සැකකරු 65 හැවිරිදි මානික්කපුරම්, විශ්වමඩු ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද (20) මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පුදුකුඩිඉරිප්පු පොලීසිය මේ  පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

0 comment
0

Related Posts

Leave a Comment