Home දේශීය පුවත් ගෑස් සිලින්ඩර පිපිරීම, රාජ්‍ය ඇමැති ලසන්තගෙන් විශේෂ ප්‍රකාශයක්.

ගෑස් සිලින්ඩර පිපිරීම, රාජ්‍ය ඇමැති ලසන්තගෙන් විශේෂ ප්‍රකාශයක්.

by Hela news

ගෑස් සිලින්ඩර පුපුරායෑමේ සිද්ධීන් සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන විසින් සිදුකරනු ලැබූ පරීක්ෂණ පදනම් කර ගනිමින් පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේදී අද (29) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

මෙවැනි තත්ත්වයන් ඉදිරියේදී ඇති වීමට ඉඩ නොතබමින් පාරිභෝගික ජනතාව ආරක්ෂා කර ගැනීම‌ වෙනුවෙන් රජය හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව රාජ්‍ය ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී පසුගියදා (27) කීවේය.

ගෑස් සිලින්ඩර් පුපුරා යෑමේ සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදි විපක්ෂනායකවරයා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු දිගින් දිගටම සිදු කළ කරුණු දැක්විම හේතුවෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

මීට මාස කිහිපයකට පෙර ලීට්‍රෝ සමාගම පාරිභෝගික අධිකාරියේ නීතිරීති වලට පටහැනි ලෙස ලීටර් 18 ගෑස් සිලින්ඩර් වෙළෙඳපළට නිකුත් කර තිබෙන බවත් සංයුතිය වෙනස් කිරීම සම්බන්ධව කඩිනම් පරීක්ෂණ ආරම්භ කරමින් එම ගෑස් සිලින්ඩර් වෙළෙඳපොළින් ඉවත් කර ගන්නා ලෙස එම සමාගමට දැනුම් දුන් බවත් පැවසූ ඇමැතිවරයා, අද වන විට ලීටර් 18 ගෑස් සිලින්ඩර් නොමැති බවත් කීය.

එමෙන්ම මේ වනවිට වෙළෙඳපොළේ ඇත්තේ කිලෝ ග්‍රෑම් 12.5 සහ කිලෝ ග්‍රෑම් 5 ධාරිතාවයෙන් යුතු 70.30 කියන සංයුතියෙන් යුතු ගෑස් සිලින්ඩර් පමණක් බවද ඇමතිවරයා කීය.

ගෑස් සිලින්ඩරයේ ගුණාත්මක භාවය බැලීමට පරීක්ෂණ ආයතනයක් නොමැති වීම මෙරට පැවති ප්‍රධාන ගැටලුවක් වූ බවත් අද වන විට ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ගෑස් සිලින්ඩරයේ සංයුතිය සම්බන්ධයෙන් සොයා බැලීමට ඉන්ටෙක් ආයතනය සහ ඛනිජතෙල් සංස්ථාව, කටයුතු කරඇති අතර එහි වාර්තාවද තමන් වෙත සවස 5.00වන විට ලැබෙන බවද කීය. ඒ අනුව අද (29) වන විට මේ පිළිබඳව පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

මෙරටට ලැබෙන පාරිභෝගික භාණ්ඩවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් විශාල ගැටලුවක් ඇති වී ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ හේතුවෙන් පාරිභෝගික රාජ්‍ය අමාත්‍යාංශයක් ඇති කිරීමට කටයුතු කළ බවද කීය.

0 comment
0

Related Posts

Leave a Comment