Home කාලීන පුවත් ගෑස් සංයුතිය ගැන ලිට්‍රො සමාගමෙන් කළ අනාවරණය.

ගෑස් සංයුතිය ගැන ලිට්‍රො සමාගමෙන් කළ අනාවරණය.

by Hela news

ගෑස් කාන්දු හා පිපිරීම්වලට හේතුව ගෑස් සංයුතියේ සිදු කළ වෙනසක් බවට ඇතැම් පාර්ශ්වවලින් මත පළ වුණත් තම සමාගම ගෑස් සංයුතියේ වෙනසක් සිදුකර නොමැති බව ලිට්‍රො සමාගම අවධාරණය කරයි.

ලිට්‍රො ගෑස් සමාගමේ නියෝජිතයන් අද (01) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මතුව ඇති තත්ත්වය පිළිබඳව එලෙස තම ස්ථාවරය ප්‍රකාශ කළේය.

එහිදී ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ මේ වනවිට වෙළෙඳපොළේ පවතින සිලින්ඩරවල ගෑස් සංයුතියේ වෙනසක් කර නොමැති බවය.

ලිට්‍රො ගෑස් සමාගමේ කර්මාන්තශාලා කළමනාකරු ඉන්ද්‍රසිරි විජේරත්න මහතා,

“පසුගිය අප්‍රේල් මාසයේදී ලීටර් 18 සිලින්ඩරයක් හඳුන්වා දුන්නා. ඒ අවස්ථාවේදී සංයුතියේ වෙනසක් කරමින් පාරිභෝගිකයින්ට ඒක නිකුත් කළා. නව සභාපතිතුමා රාජකාරී භාරගැනීමෙන් අනතුරුව ජූලි 28 වනදායින් පස්සේ එම ලීටර් 18 සිලින්ඩර් නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නවතා දැමුවා. අප්‍රේල් මාසයේ ඒක වෙළෙඳපොළට නිකුත් කරනකොට 50ට 50 තමයි සංයුතිය තිබුණේ.”

අපි භාවිත කරන ගෑස් සිලින්ඩරයක ද්‍රව ගෑස් සංයුතිය සැකසෙන්නේ ප්‍රොපේන් සහ බියුටේන් සම්මිශ්‍රණයෙනි.

මෙයින් ප්‍රොපේන් ප්‍රතිශතය වැදගත් වන්නේ බියුටේන් සහිත ද්‍රවගෑස් වායු බවට පත්කර පීඩනයකින් උදුන දක්වා රැගෙන යාම සඳහාය.

සාමාන්‍යයෙන් ලංකාවේ ප්‍රොපේන් සියයට 30ක් හෝ 40ක් හා බියුටේන් සියයට 60ක් හෝ 70ක් වගේ සංයුතියකින් සිලින්ඩරය තුළ පවතී.

එවන් තත්ත්වයකදී ගෑස් සිලින්ඩරය තුළ පීඩනය දැක්වෙන්නේ බාර් 5ක් හෝ 6ක් ලෙසය.

හැබැයි සිලින්ඩරයක ප්‍රොපේන් ප්‍රතිශතය සියයට 45, 50 මට්ටමට ගෙනාවොත් එහි පීඩනය බාර් 6 ත් නැතිනම් 8ක් දක්වා වැඩිවෙයි.

ඒ වගේම ප්‍රොපේන් සියයට 100ක් සිලින්ඩරය තුළ තිබුණහොත් එහි ඇතුළත පීඩනය බාර් 12ක් නැතිනම් 14 ක් දක්වා ඉහළ නගින බව සඳහන් ය.

ධ්‍රැවාසන්න රටවල ශීත සෘතුවලදී මෙම ප්‍රොපේන් ප්‍රතිශතය ඉහළ නැංවීම සිද්ධ වෙන්නේ ඒ පාරිසරික උෂ්ණත්වය හා තත්ත්වය සැලිකල්ලට ගනිමිනි.

කෙසේවෙතත් ගෑස් සිලින්ඩර නිපදවා තියෙන්නේ බාර් 30ක වුවත් පීඩනයක් දරාගැනීමට හැකි වන අයුරිනි.

එනම් කුමන සංයුතියක් යටතේ වුවත් මෙරට ගෑස් සිලින්ඩර පුපුරායාමක් සිදුවන්නේ නැත.

පසුගිය දින කිහිපය පුරාම රට පුරා ගෑස් සිලින්ඩර පිපිරීම් සිදු නොවුනද රෙගියුලේටර්, ගෑස් බට සහ උඳුන් පිපිරීමට ලක් වූණි.

මේ අතර පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධාන පවසන්නේ ගෑස් සමාගම් වහාම පවතින සිලින්ඩර වෙළෙඳපොළෙන් ඉවත් කරගත යුතු බවය.

0 comment
0

Related Posts

Leave a Comment