ගැස්සුණු වැඩේ

0
62

පසුගියදා මේ රටට ආපු පකිස්තාන් ලොකු මහත්තය හමුවෙන්න අපේ රටේ මුස්ලිම් මැති ඇමැතිගොල්ලත් සූදානම් වුණා. එයින් සමහර දෙනෙකුට ආණ්ඩුව කළ නිල උත්සවවලට ආරාධනා කරල තිබුණත් සමහරුන්ට ආරාධනා කරල තිබුණෙ නැහැ…

මේ නිසා තරමක් කෝපයට පත්වෙලා හිටපු පක්ෂනායක සයිස් එක්කෙනෙක් දෙන්නෙක් කොහොමහරි පකිස්තාන් ලොකු මහත්තය පෞද්ගලිකව හමුවෙන්න වෙලාවක් ඉල්ලල මේ රටේ ඉන්න එයාලගෙ මහ කොමසාරිස්ට කරදර කළාලු. ඊටපස්සෙ සුළු වෙලාවකට පකිස්ථාන අගමැතිතුමා මෙයාල හම්බුවෙන්න තීන්දු කළා. ඒ තීන්දුව දැනගත්ත පක්ෂ නායකයො මේ ආණ්ඩුව තමන්ගෙ මිනිස්සුන්ට සලකන්නෙ නැති බව වගේ කරුණු කාරණා සාකච්ඡා කරල පොඩි ගතුකීමක් කරන්න සංවිධානය වෙලා නියමිත පරිදි සාකච්ඡාවට ගියාලු.

ගිහිල්ල අද අපි දෙඤ්ඤං බැටේ කියල වාඩිවෙලා ඉන්නකොට වෙලාවට පකිස්තාන් ලොකු මහත්තය ආව. ඇවිත් සාකච්ඡාව පටන්ගන්න හදනකොටම එයා තමන් ළඟ හිටපු නිලධාරියකුට යමක් කීව. ඒ සැණින් නිලධාරිය පිටවෙලා ගිහින් විනාඩියක් දෙකක් යනකොට අගමැතිගෙ පරිවාර ඇමැතිකම කරපු සබ්‍රිතුමා එක්ක ආව උන්නැහෙත් මේ සභාවෙ වාඩිවුණා.

ආණ්ඩුව ගැන දෝස්මුරේ දාන්න ගියපු අය උන්නැහේ දැකල තක්කු මුක්කු වුණා…

විනාඩි දෙක තුනක් ආගිය විත්ති කතා කළා. වැඩිපුර කතා කළේ ක්‍රිකට් ගැන. ඊට පස්සේ සාකච්ඡාවෙ වෙලාව ඉවරවුණා. කතාව ඉවරවෙලා මන්ත්‍රී කස්ටිය යන්න හදනකොට ඉම්රාන් තුමා මෙයාලට අපූරු කතාවකුත් කිව්ව. “ආණ්ඩුව එක්ක සහයෝගයෙන් වැඩකරල අයිතිවාසිකම් දිනාගන්න බලන්න…. ඒක තමයි හොඳම ක්‍රමය…” එහෙම කියල එයා යන්න ගියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here