ගැබිනි කතුන් 70කට කොරෝනා

0
67

කොවිඩ් – 19 වයිරසය ආසාදිත ගැබිනි කාන්තාවන් 70ක් පමණ මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ ‍වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය  පැවසුවාය. සාමාන්‍ය අයෙකුට මෙම වයිරසය ආසාදනය වනවාට වඩා ගැබිනි මවකට ආසාදනය වුවහොත් සංකූලතා වැඩි වීමේ අවදානමක් පවතින බවත් එම නිසා විශේෂයෙන්ම ගර්භනී මවුවරුන් වයිරසයෙන් ආරක්ෂා වීමට වග බලා ගත යුතු බවත් ඒ මහත්මිය ප්‍රකාශ කළාය.

තමන්ට වැළඳී ඇත්තේ කොවිඩ් බවට සැකයක් කිසියම් ගැබිනි මවකට පවතින්නේ නම් ළඟම තිබෙන රෝහලට ගොස් ප්‍රතිකාර ලබා ගත යුතු යැයි ද ඒ මහත්මිය පැවසුවාය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here