Home උණුසුම් පුවත් ගාල්ලට වැස්ස කාසියේ වාසිය උරගා බැලීම ප්‍රමාද වෙයි.

ගාල්ලට වැස්ස කාසියේ වාසිය උරගා බැලීම ප්‍රමාද වෙයි.

by Hela news

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බට ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය අද (29) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

නමුත් එම ප්‍රදේශයට මේ වනවිට වර්ෂාව පතිත වෙමින් තිබෙන බව අද දෙරණ ප්‍රාදේශීය මාධ්‍යවේදියා පැවසීය.

දෙරට අතර පැවති පළමු තරගය ලකුණු 187කින් ජය ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

එසේම මෙය ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන මිකී ආතර් එම තනතුරේ කටයුතු කරන අවසන් වතාවයි.

එබැවින් ඔහුට “ජයග්‍රාහී” සමුගැනීමක් ලබාදීමට කණ්ඩායම අදිටන් කරගෙන සිටින බව නායක දිමුත් කරුණාරත්න පැවසීය.

0 comment
0

Related Posts

Leave a Comment