Home ව්‍යාපාර පුවත් ග්‍රාමීය දිළිඳුකම අවම කිරීමට ක්‍රිස්බ්‍රෝ සහාය

ග්‍රාමීය දිළිඳුකම අවම කිරීමට ක්‍රිස්බ්‍රෝ සහාය

by Hela news

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කුකුළු මස් නිෂ්පාදන සමාගම වන ක්‍රිස්බ්‍රෝ වසර 50ක් පුරාවට පාරිභෝගිකයන් වෙත ඉහළ පෝෂණ ගුණයකින් සපිරි නැවුම් නිෂ්පාදන දෙමින් සිය ශ්‍රම බළකාය මුහුණ දෙන දරිද්‍රතාව පිටුදැකීම සඳහා සෑම අදියරකදීම සහයෝගය දැක්වීමට සහ ඔවුන්ව සවිබල ගැන්වීමට කටයුතු කරමින් සිටී. එහි දී ප්‍රධාන වශයෙන් ග්‍රාමීය ප්‍රදේශවල පදිංචිකරුවන් වෙත වැඩි අවධානයක් යොමු කරනු ලබයි.

ක්‍රිස්බ්‍රෝ විසින් ශ්‍රී ලංකාවේ ඌව, උතුරු-මැද සහ මධ්‍යම පළාත්වල ගොවි පවුල් 250කට ඔවුන්ගේම ස්වාධීන කුකුළු ගොවිපොළ පිහිටුවීමත් සමඟ ඊට අත්වැලක් සැපයීම උදෙසා වර්තමානයේ තම ආයතනික සමාජ වගකීම් ප්‍රෙව්ශයක් වන ‘දිරි සවිය‘ වැඩසටහන හඳුන්වා දෙන ලදි.

එහි දී දේශීය ගොවීන් රටේ ආර්ථිකයට වඩාත් ශක්තිමත්ව දායක කරවීම සඳහා ක්‍රිස්බ්‍රෝ වෙතින් ගොවීන්ට උසස් තත්ත්වයේ විශේෂඥ පුහුණුවක් දීම, ක්‍රිස්බ්‍රෝහිම අභිජනනාගාරවල නිෂ්පාදිත උසස් තත්ත්වයේ පැටවුන් දීම සහ කුකුළු ආහාර නිෂ්පාදනාගාරය තුළ නිෂ්පාදනය කරන ගුණාත්මක ආහාර දීම හරහා මේ වැඩපිළිවෙළෙහි සෑම පියවරකම ගුණාත්මකභාවය සහ උසස් තත්ත්වය කෙරෙහි අවධානය යොමු කරනු ලැබීය.

”පසුගිය දශක කිහිපය තුළ ශීඝ‍්‍ර ලෙස වර්ධනය වී ඇති ක්‍රිස්බ්‍රෝ සමාගම විසින් දෙන ආර්ථික සහ සමාජීය දායකත්වය අද වන විට නැතුවම බැරි තත්ත්වයකට පැමිණ තිබෙනවා. සමස්ත කුකුළු කර්මාන්තය සඳහා අත්‍යවශ්‍ය බොහෝ ගොවි ප්‍රජාවන්ගේ සුබසාධනය සඳහා සමාගමේ ආරම්භක අරමුණු පරිදි ව්‍යාපාරයෙන් ඔබ්බට ව්‍යාප්ත කරනවා.” යනුවෙන් ක්‍රිස්බ්‍රෝහි ජ්‍යෙෂ්ඨ කළමනාකාර අමොරේස් සෙලර් මහතා සඳහන් කළේය.

මේ යෝජනා ක්‍රමය හරහා සමස්ත දේශීය ගොවි ප්‍රජාව සඳහා අත්‍යවශ්‍ය තීරණාත්මක සහයෝගය දීමට කටයුතු කරයි

0 comment
0

Related Posts

Leave a Comment