Home ක්‍රීඩා පුවත් ග්ලෝබල් ටයිකොන්ඩොර් මාස්ටර්ස් පාඨමාලාවේ විශිෂ්ඨයා මේජර් නලින්ද

ග්ලෝබල් ටයිකොන්ඩොර් මාස්ටර්ස් පාඨමාලාවේ විශිෂ්ඨයා මේජර් නලින්ද

by Hela news

උතුරු කොරියාවේ මුජු නගරයේ පැවැති 2021 ග්ලෝබල් ටයිකොන්ඩොර් මාස්ටර්ස් පාඨමාලාව සඳහා ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් උපදේශකයන් සිව්දෙනකු සහභාගි වූ අතර එයට එක්වූ ශ‍්‍රී ලංකා යුධ හමුදාවේ මේජර් නලින්ද රත්නායක එහිදී පාඨමාලාව හැදෑරුවන් අතරින් විශිෂ්ඨතමයා ලෙස සම්මානයෙන් පිදුම් ලබා තිබේ.

මෙම පාඨමාලාව සඳහා රටවල් 14 ක් නියෝජනය කරමින් ටයිකොන්ඩෝර් උපදේශකයන් 25 දෙනකු සහභාගි වී තිබෙන අතර මාඨමාලාව අවසානයේ ලෝට ටයිකොන්ඩොර් මූලස්ථානයේ පැවැති සහතික පත් ප‍්‍රදානෝත්සවයේදී කොරියාවේ උකීවොන් විiා පීඨ සභාපති ලී දොන්සොක් මහතා විසින් මේජර් නලින්ද රත්නායක මහතා වෙත මෙම සම්මානය පිරිනමන ලදී.

මෙම පාඨමාලාව සඳහා ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ අනෙක් ටයිකොන්ඩෝ උපදේශකයන් වූයේ රුවන් නිශ්ශංක, තුෂාර ගුණවර්ධන, නිහාල් වික‍්‍රමරත්න යන උපදේශකවරුන්ය.

ශ‍්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් එවන් සම්මානයකින් පිදුම් ලැබූ පළමු ටයිකොන්ඩෝර් උපදේශකයා නලින්ද රත්නායක බවට පත්වී ඇතැය ටයිකොන්ඩෝර් ක‍්‍රීඩාවට සම්බන්ධ තතුදත් අය පවසා සිටිති. හෙතෙම ශ‍්‍රී ලංකා යුද හමුදා ටයිකොන්ඩෝ කණ්ඩායමේ ප‍්‍රධාන සාමාජිකයකුද වන ව හමුදා ක‍්‍රීඩා අංශ පවසා සිටිති.

0 comment
0

Related Posts

Leave a Comment