Home කාලීන පුවත් ගර්භණී කාන්තාවන්ට සෑම කොවිඩ් මර්දන එන්නතක්ම සුදුසු ද

ගර්භණී කාන්තාවන්ට සෑම කොවිඩ් මර්දන එන්නතක්ම සුදුසු ද

by Hela news

මේ වනවිට මෙරට ගර්භණී කාන්තාවන් ලක්ෂයකට වඩා පිරිසක් කොවිඩ් මර්දන එන්නත් ලබාගෙන ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය.

“දැන් අපි බැලුවොත් ලක්ෂයකට වඩා ගර්භණී කාන්තාවන් අද කොවිඩ් මර්දන එන්නත ලබාගෙන තිබෙනවා. ඒ කිසිම මවකගෙන් අතුරු ආබාධයක් ගැන දැනට වාර්තා වෙලා නෑ. එන්නත ලබාගෙන දරුවත් ලැබුණු මව්වරුත් කිහිපදෙනෙක් දැනට ඉන්නවා. ඒ අය‌ගෙවත් දරුවාගේවත් ගැටලුවක් අපිට වාර්තා වෙලා නෑ. ගර්භණී සමයේ කාන්තාවන්ට දෙන්න සෑම එන්නතකටම වගේ ජාත්‍යන්තර වශයෙනුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේත් අනුමැතිය ලැබිලා තියෙනවා.. ස්පුට්නික් එන්නතට හැරෙන්න.”

0 comment
0

Related Posts

Leave a Comment