Home දේශීය පුවත් ගම්බිම් බලා යන්න නැදුන්ගමුවේ රාජා දළදා සමිඳුන්ට වැඳ නමස්කාර කරමින්…

ගම්බිම් බලා යන්න නැදුන්ගමුවේ රාජා දළදා සමිඳුන්ට වැඳ නමස්කාර කරමින්…

by Hela news

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට සම්බන්ධ වෙමින් සාධාතුක කරඬුව වැඩම කළ නැදුන්ගමුවේ රාජා ඊයේ (01) දළදා සමිඳුන්ට වැඳ නමස්කාර කර යළි ගම්පහ දක්වා ගමන් ආරම්භ කළේය.

පෙරහර මංගල්‍යය නිමවීමෙන් පසු සතියක පමණ කාලයක් දළදා මාලිගා පරිශ්‍රයේ විවේක සුවයෙන් කල් ගෙව්වේය.මහනුවර සිට නැදුන්ගමුවේ නිවහන දක්වා ළඟාවීමට රාජා කිලෝ මීටර 96ක දුරක් ගමන් කළ යුතුය. ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා දුන් පලතුරු සංග්‍රහය බුක්ති විඳීමෙන් පසු දළදා මාලගාවේ පත්තිරිප්පුව ඉදිරියට පැමිණි රාජා දළදා සමිඳුන්ට වැඳ නමස්කාර කරනු ලැබුවේ විල්සන් කොඩිතුවක්කු ප්‍රමුඛ ඇත් ගොව්වන් තිදෙනාද සමඟය.

මහනුවර ඇසළ පෙරහරට සම්බන්ධ වීමට අගෝස්තු මස 02 වැනිදින ගම්පහ නැදුන්ගමුවෙන් ගමන් ආරම්භ කළ රාජා මහනුවරට ළඟා වූයේ පසුගිය 12 වැනි දිනය.එතැන් පටන් මහනුවර ගත කළ රාජා දින 10ක ගමනකින් පසු නිවෙසට ළඟාවීමට නියමිත බව විල්සන් කොඩිතුවක්කු මහතා පැවසීය.

0 comment
0

Related Posts

Leave a Comment