Home උණුසුම් පුවත් ගත වූ පැය 24ක කාලය තුළ පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

ගත වූ පැය 24ක කාලය තුළ පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

by Hela news

මත්පැන් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයින්

ගත වූ පැය 24ක කාලය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු කළ වැටලීම්වලින් විවිධ වැරදිවලට සම්බන්ධ පුද්ගලයින් පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරකට අනුව සිදු කරන ලද වැටලීමකදී ඊයේ (09)දින පුද්ගලයෙකු හෙරොයින් ළඟ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, කිරිබත්ගොඩ – පෙතියාගොඩ හා දළුපිටිය ප්‍රදේශවලදී පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරකට අනුව සිදු කළ මෙහෙයුමකදී, නීතිවිරෝධී මත්පැන් සමග පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගැනුණා.

ඔවුන් සතුව තිබී සොයාගත් මත්පැන් ප්‍රමාණය ලීටර් 37කට අධිකයි.

මේ අතර, පානදුර – හොරේතුඩුව පාලම අසලදී පානදුර උතුර පොලිස් නිලධාරීන් විසින් ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණේ, හෙරොයින් ග්‍රෑම් 02යි, මිලිග්‍රෑම් 510ක් සමගින්.

එමෙන්ම, නීතිවිරෝධී මත්පැන් සමග පුද්ගලයින් සිව්දෙනෙකු ඊයේ (09) දින විවිධ ප්‍රදේශවලදී සිදු කරන ලද වැටලීම්වලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත්තේ, පෑලියගොඩ – වනවාසල ප්‍රදේශයේදීයි.

පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරකට අනුව මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනුණු අතර, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ත්‍රීරෝද රථයකින් නීතිවිරෝධී මත්පැන් ප්‍රවාහනය කරමින් සිටි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

එහිදී ඔවුන් සන්තකයේ තිබී මත්පැන් ලීටර් 84ක් සොයාගෙන තිබෙනවා.

0 comment
0

Related Posts

Leave a Comment