Home ක්‍රීඩා පුවත් කෝලිගේ බලාපොරොත්තු සුන්වේ

කෝලිගේ බලාපොරොත්තු සුන්වේ

by Hela news

ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරඟය සඳහා සුදුසුකම් ලැබීමට කොල්කටා නයිට්‍ රයිඩර්ස් කණ්ඩායම සමත්ව තිබේ.

ඒ, ඊයේ පැවති පිළිමලුන් පිටු දැකීමේ තරඟයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම කඩුලු 04 කින් පරාජය කරමිනි.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 138ක් ලබාගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි කොල්කටා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 04ක් තුළ කඩුලු 06ක් දැවි ජයග්‍රහණය වාර්තා කළේය.

ඒ අනුව, විරාත් කෝලිගේ නායකත්වය යටතේ බැංගලෝර් කණ්ඩායම ක්‍රීඩා කළ අවසන් IPL තරඟය ලෙස එම තරඟය දැක්විය හැකිය.

මෙවර තරඟාවලියෙන් අනතුරුව තමා RCB කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වන බව විරාත් කෝලි මීට පෙර පැවසීය.

ඒ අනුව, දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමග කොල්කටා නයිට්‍ රයිඩර්ස් කණ්ඩායම (13) දිනයේ දෙවන අවසන් පූර්ව සඳහා තරඟ වැදීමට නියමිතය.

එම තරඟයෙන් ජය ගන්නා කණ්ඩායම චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමග අවසන් මහා තරඟයට සහභාගී වීමට නියමිතය.

0 comment
0

Related Posts

Leave a Comment