කෝටි 10ක් වටිනා ගංජා හේන් 10ක් වටලයි

0
30

සූරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව ප්‍රනාන්දු මහතාගේ නායකත්වය යටතේ විශේෂ කාර්ය බළකා කඳවුරු 05ක නිලධාරීන් 60කින් සමන්විත විශේෂ කණ්ඩායමක් විසින් තණමල්විල, කොස්ලන්ද හා හම්බෙගමුව ප්‍රදේශවල සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී රුපියල් කෝටි 10ක් පමණ වටිනා ගංජා හේන් 10ක්, පැළ තවාන් දෙකක් හා එක් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.

තණමල්විල, හම්බෙගමුව, ජූල්ආර, බළහරුව හා කොස්ලන්ද ප්‍රදේශවල මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති අතර ඒ සඳහා සූරියවැව, උඩවලව, කහවත්ත, අම්බලන්තොට හා කතරගම විශේෂ කාර්ය බළකා කඳවුරුවල නිලධාරීන් 60 දෙනකු සහභාගි වී තිබේ.

වැටලීමේදි තණමල්විල හා කොස්ලන්ද පොලිස් බල ප්‍රදේශ තුළ පවත්වාගෙන ගිය අක්කරයට වැඩි ප්‍රමාණයේ ගංජා හේන් 10ක් පැළ තවාන් දෙකක් හා එක් ගංජා හේනක වැඩ කරමින් සිටි 48 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් ගංජා හේන්වල වටිනාකම රුපියල් කෝටි 10කට වැඩි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here