Home ව්‍යාපාර පුවත් කොළඹ වරාය නගරයෙන් දළ දේශීය නිෂ්පාදිතයට ඩොලර් බිලියන 13.8 ක් එකතුවිය හැකි බව PwC පවසයි

කොළඹ වරාය නගරයෙන් දළ දේශීය නිෂ්පාදිතයට ඩොලර් බිලියන 13.8 ක් එකතුවිය හැකි බව PwC පවසයි

by Hela news

PwC සමාගම, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධ තම නවතම වාර්තාව 2021 නොවැම්බර් 09 දින ආර්ථික කොමිසම හමුවට ඉදිරිපත් කළේ ය.  සාර්ව ආර්ථික විචල්‍යයන් 5 කට, එනම් රැකියා නියුක්තිය, දළ දේශීය නිෂ්පාදිතය, සෘජු විදේශ ආයෝජන, ගෙවුම් ශේෂය සහ රජයේ ආදායම යන අංශ වලට, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය මගින් ලැබෙනු ඇති දායකත්වය මෙම වාර්තාව තුළදී විශ්ලේෂණයට ලක්කර තිබේ.  මෙම අධ්‍යයනයේ මුල් වාර්තාව 2020 වර්ෂයේදී පිළියෙල කරන ලද අතර, එහි 2021 නොවැම්බර් යාවත්කාලීන කිරීම මගින්, කොළඹ වරාය නගරය ‘විශේෂ ආර්ථික කලාපයක්’ බවට පත්කිරීම සහ, එහි ව්‍යපෘති සමාගම වන CHEC Port City Colombo(පුද්.) සමාගම ක්‍රියාවට නංවා ඇති පංච වාර්ෂික ක්‍රමෝපාය මගින් ඇතිවන සාධනීය බලපෑම් ගවේෂණය කර ඇත.

  ඉහළ ආර්ථිකවටිනාකමක්සහිත නවීන සේවාවන් වන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවාවන්, නාවික සේවාවන්හාමූල්‍ය සේවාවන් යනාදිය සම්බන්ධයෙන් ගත්විට කොළඹ වරාය නගරයට විශේෂ වැදගත්කමක් හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. ශ්‍රී ලංකාව වේගයෙන් වර්ධනය වන කලාපයක් තුළ ක්‍රමෝපායික වශයෙන් වැදගත් ස්ථානයක පිහිටා තිබීම, සුදුසුකම් සහිත වෘත්තිකයන් බහුලවීම, වියදම් අවම වීම සහ විශේෂ ආර්ථික කලාප විධිවිධාන මගින් ව්‍යාපාර කටයුතු සිදුකිරීම වඩාත් පහසු කර තිබීම වැනි සාධක මෙහිදී විශේෂයෙන් බලපානු ඇත.  කොළඹ වාණිජ අගනගරයේ දිගුවක් ලෙස සාගරය ගොඩකර ඉදිරිකරන ලද කොළඹ වරාය නගරය, විශාල සංචාරක ආකර්ෂණයක්ද දිනාගනු නිසැක ය. මූලික සැලසුම යටතේ වරාය නගරය තුළ සුඛෝපභෝගී හෝටල් 4 ක් සහ නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහා ස්ථාන 5 ක් වෙන්කර ඇති අතර,ඒ අනුව සමස්තයක් ලෙස සංචාරකයන් සඳහා හෝටල් කාමර 2,900ක් පමණ වෙන්වෙනු ඇත. මේ සියල්ල නිසා කොළඹ වරාය නගරය ලොව පුරා වෙසෙන සංචාරකයන්ගේ ප්‍රමුඛතම තේරීමක් බවට පත්වනු ඇති බව මෙම වාර්තාව පෙන්වාදෙයි. මෙය අති-දැවැන්ත නාගරික සංවර්ධන ව්‍යාපෘතියක් නිසා, මෙය සම්පූර්ණ වීමට වසර 20 ක් පමණගතවනු ඇති අතර, ඇමරිකානු ඩොලර් බිලියන 12.7 ක පමණ අතිරේක ආයෝජනයක්ද අවශ්‍ය වේ. 

එම ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා මෙන්ම, සමස්තයක් ලෙස රටේ අනාගත සංවර්ධනය අපේක්ෂිත මට්ටම වෙත රැගෙන යාම සඳහා, ගෝලීය වශයෙන් තරගකාරී ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීම අතිශයින් වැදගත්වනු ඇත. කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් හා මෙහෙයුම් කටයුතු සැලසුම් කළ ආකාරයට සිදුවන්නේ නම්, ශ්‍රී ලංකාවට මෙම ව්‍යාපෘතිය මගින් ප්‍රතිලාභ රාශියක් හිමිවනු ඇති බව මෙම වාර්තාව පැහැදිලිව පෙන්වා දෙයි. කොළඹ වරාය නගරය රටේ ආර්ථිකය සමග පූර්ණ වශයෙන් සම්බන්ධ කරන්නේ නම්, එහි ඉදිකිරීම් හා මෙහෙයුම් යන අදියර දෙකේදීම, ජාතික ආර්ථිකයට පුළුල් දායකත්වයක්(සෘජුහාවක්‍රලෙස) හිමි වනු ඇති අතර, එය ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධනය උදෙසා බලපාන කේන්ද්‍රීය සාධකයක් වනු නො-අනුමාන ය.  PwC නිල වෙබ් අඩවිය සහ සමාජ මාධ්‍ය නාලිකා ඔස්සේ මෙම වාර්තාව සම්පූර්ණ වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.  

0 comment
0

Related Posts

Leave a Comment