Home උණුසුම් පුවත් කොළඹ අවන්හලක ගින්නක්.

කොළඹ අවන්හලක ගින්නක්.

by Hela news

කොළඹ තුරඟ තරගපිටිය ඉදිරිපිට ක්‍රීඩා මණ්ඩපයේ පිහිටි අවන්හල තුළ හටගත් ගින්නෙන් පුද්ගලයින් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ අදාළ ගොඩනැගිල්ල ඉදිරිපිට පිහිටි රථගාලේ රැඳී සිටි තරුණයින් දෙදෙනෙකු එහිදී සුළු තුවාල ලබා ඇති බවය.

ඔවුන් දෙදෙනා රෝහල වෙත ගොස් ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව පිටව ගොස් තිබේ.

අද  අළුයම පැරණි තුරඟ තරග පිටියේ ක්‍රීඩා ප්‍රේක්ෂකාගාරයේ පහත මාලයේ පිහිටි අවන්හලක එම ගින්න හටගෙන තිබු අතර ගෑස් කාන්දුවක් හේතුවෙන් හටගත් පිපිරීමක් ඊට හේතු වී ඇති බවට සැකපළ කෙරේ.

ගිනි නිවන ඒකකය සහ පොලීසිය එක්ව ගොඩනැගිල්ලේ හටගත් ගින්න පාලනය කිරීමට පියවර ගත් අතර ගින්නට හේතුව නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා විසින් අදාළ ස්ථානය පරීක්ෂා කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතේ කුරුඳුවත්ත පොලීසිය මගින් සිද්ධිය පිළිබඳ විමර්ශන සිදුකරයි.

0 comment
0

Related Posts

Leave a Comment