කොවිඩ් හේතුවෙන් දෙමව්පියන් අහිමි වු දරුවන්ට ඉන්දීය අගමැතිගෙන් නව වැඩපිළිවෙළක්

0
230

කොවිඩ් හේතුවෙන් දෙමව්පියන් අහිමි වී පීඩාවට පත්ව සිටින දරුවන්ට සහන ලබාදීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතා නව වැඩසටහනක් ඉදිරිපත් කරයි. එම දරුවන්ට නොමිලේ අධ්‍යාපනය ලබාදෙන අතර වයස අවුරුදු 23 සම්පුර්ණ වනවිට රුපියල් ලක්‍ෂ 10 ක මුදලක් පිරිනැමීමට තීරණය කර තිබේ.

කොවිඩ් හේතුවෙන් දෙමව්පියන් අහිමිවු මෙම දරුවන්ගේ අනාගතය ඉන්දීය රජය භාරගන්නා බවද ඔහු අවධාරණය කළේය. කොවිඩ් හේතුවෙන් දෙමව්පියන් අහිමි වු පසු දරුවන් භාරගත් ඥාතීන්ට සහ වෙනත් භාරකරුවන්ටද නව වැඩසටහන යටතේ විශේෂ සහන ලැබේ.

ඉන්දිීය සහ බ්‍රිතාන්‍ය කොවිඩ් ප්‍රභේද එකතු වු නව කොවිඩ් ප්‍රභේදයක් වියට්නාමයෙන් සොයා ගැනේ. එය දැනට හදුනාගත් වෛරස්වලට වඩා සිග්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරනු ඇතැයි වියට්නාම සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here