Home කාලීන පුවත් කොවිඩ් හැදුනම නාන්න හොඳද

කොවිඩ් හැදුනම නාන්න හොඳද

by Hela news

කොවිඩ් එක්ක පැතිර යන ඇතැම් මත විද්‍යාත්මක නෑ

කොවිඩ් ආසාදිතයින් ට ස්නානය කිරීම නුසුදුසු බවට මතයක් මේ දිනවල වේගයෙන් පැතිර යනවා.

ආසාදිතයින් කීප දෙනෙක්ම පවසා ඇත්තේ නෑමෙන් පසුව තමන්ට ස්වසන ආබාධ ඇති වූ බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය ඉන්දික කරුණාතිලක කියන්නේ කෝවිඩ් රෝගියකු ස්නානය නොකර සිටීමට කිසිදු විද්‍යාත්මක පදනමක් නැති බවයි. මෙම බොරු බිය නිසා හමේ ආබාධ පවා ඇති වූ රෝගීන් තමන්ට හමු වූ බව ඔහු කියයි.

මෙම රෝගය පාලනයකර ගැනීමටත් සුවකර ගැනීමටත් පිරිසිදුව සිටීම ඉතාම වැදගත් බව අවධානරණය කරන මහාචාර්යය වරයා නෑම සම්බන්ධයෙන් කිසියම් බියක් තිබේ නම් දහවල් කාලයේ රස්නේ වතුර ටිකක් හෝ ස්නානය කර ස්නානයට පුරුදු වන ලෙස කියයි.

කොවිඩ් වැලදී තිබියදී නෑම නිසා නිවුමොනියා තත්ත්වයට ඒමට හැකියාව ඇති බවටද සමාජයේ මතයක් ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජාතික රෝහලේ ශ්වසන විශේෂඥ වෛද්‍ය ආර්. ආශා සමරනායක පවසන්නේ එහිද විද්‍යාත්මක පදනමක් නැති බවයි. කොවිඩ් නියුමෝනියාව යනු විෂබීජයකින් එන දෙයක් මිස ‘සෙම’ නිසා එන දෙයක් නොවන බැවින් කොවිඩ් නියුමෝනියාවට කෑමේ හෝ නෑමේ කිසිම සම්බන්ධයක් නැති බව ඇය අවධාරණය කරයි.

ඕනෑම රෝගයක් සුවවීමටත්, මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීමටත් පිරිසිදුව සිටීම ඉතාම වැදගත්බව අවධාරණය කරන වෛද්‍යවරිය දැඩි සත්කාර ඒකකවල සිටිනා රෝගීන් පවා ස්නානය කරවන්නේ නම්, කොවිඩ් වැළඳුණු රෝගියෙකු පිරිසිදු වීමෙන් වැළකීමට හේතුවක් නැතැ යි පවසයි.

0 comment
0

Related Posts

Leave a Comment