කොවිඩ් ව්‍යාප්තිය හමුවේ තුර්කිය අද සිට වැසේ

0
40

කොවිඩ්  -19  සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ අද  සිට මැයි 17 වනදා දක්වා රට සම්පූර්ණයෙන් වසා දැමීමට තුර්කි රජය තීරණය කර තිබේ.

නගර අතර ගමන් කිරීම සඳහා අදාළ අනුමැතිය ලබා ගත යුතුව ඇති බවත් සියලුම පාසල් වසා දමා අන්තර්ජාලය ඔස්සේ අධ්‍යයන කටයුතු සිදුකරන බවත් තුර්කි ජනාධිපති ටයිප් එර්ඩෝන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම, වෛද්‍ය ප්‍රතිකාර වැනි අත්‍යාවශ්‍ය කටයුතු සඳහා හැර සාමාන්‍ය වැසියන්ට නිවෙස්වලින් බැහැර යාමට අවසර හිමි නොවන බව විදෙස් මාධ්‍ය වර්තා කළේය.

මීට අමතරව හදිසි සේවාවල නිතර පිරිස්, ආහාර සහ නිෂ්පාදන අංශවල සේවයේ නිරතවන්නන් වැනි සීමාසහිත පිරිසකට පමණක් සිය සේවා කටයුතු වෙනුවෙන් නිවෙස්වලින් බැහැරව යා හැකි බව සඳහන් වේ.

මීට පෙර තුර්කියට සතියේ දිනවල රාත්‍රී 7 සි‌ට අලුයම 5 දක්වා රාත්‍රී ඇඳිරිනීතිය පැනවූ අතර සති අන්තයේ සම්පූර්ණයෙන් ම රට වසා දමමින් වෛරස ව්‍යාප්තිය පාලනයට දැඩි පියවර ගනු ලැබුව ද වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට නොහැකි වීම හමුවේ ‌මෙලෙස රට සම්පූර්ණයෙන් වසා දැමීමට තීරණය කළ බව තුර්කි රජය පවසයි.

පසුගිය පැය 24 තුළ තුර්කියෙන් නව කොරෝනා ආසාදිතයින් 40,444 දෙනෙකු වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව  341ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here