Home උණුසුම් පුවත් කොවිඩ් වසංගතය නිසා රාජ්‍ය ආදායමෙන් බිලියන 1,500කට වඩා අහිමි වෙලා – මුදල් ඇමැති

කොවිඩ් වසංගතය නිසා රාජ්‍ය ආදායමෙන් බිලියන 1,500කට වඩා අහිමි වෙලා – මුදල් ඇමැති

by Hela news

 වැට් ආදායම 75%කින් පහළට සංචාරක- සුරා බදු ආදායම් නෑ
– වාහන නොගෙන්වීමෙන් රේගු ආදායම් විශාල ලෙස අහිමියි
– දුෂ්කරතා හමුවේ වූවත් කොවිඩ් පාලනයට ඖෂධ-ඔක්සිජන් ආනයනයට
– රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට කටයුතු කළා

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් රජයට ලැබිය යුතු ආදායමෙන් රුපියල් බිලියන 1,500 -1,600ත් අතර මුදලක් මෙම වසරේදී අද වන විට අහිමි වී ඇතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (7) ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සංචාරක අංශවලින් ලැබීමට නියමිතව තිබූ ආදායම් නිසි පරිදි මෙම වසරේදී නොලැබීම හේතුවෙන් මෙවැනි ආදායමක් අහිමි වූ බව ඇමතිවරයා පැවසීය. මෙවැනි ආකාරයේ විශාල ආදායමක් රජයට අහිමි වූවද කොවිඩ් වසංගත තත්ත්වය කළමනාකරණය කිරීම, ඖෂධ, ඔක්සිජන් ආනයනය ආදිය වෙනුවෙන් මෙන්ම රාජ්‍ය සේවක වැටුප් ගෙවීම, රාජ්‍ය අංශයේ දීමනා වැඩි කළ යුතු අංශ වලට දීමනා දීම ඇතුළු සියලු කාර්යයන් නිසි පරිදි කරන බවද ඇමැතිවරයා පැවසීය. ශ්‍රී ලංකා රේගුවෙන් ලැබිය යුතු ආදායම් විශාල ප්‍රමාණයක් අහිමි වී ඇත්තේ විදේශයන්ගෙන් වාහන ගෙන්වීම වසර එක හමාරක සිට නවතා දැමීම හේතුවෙන් බවත් රටේ ආර්ථිකය පවත්වා ගෙන යෑම සඳහා වාහන ගෙන්වීම මෙසේ තාවකාලිකව නවතා දැමූ බවත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී ඊයේ (7) මුදල් පනත පිළිබඳ විවාදයට එක් වෙමිනි. එහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලැබෙන වැට් ආදායමද සියයට 75කින් පමණ පහත බැස ඇති බවයි.

ලොක් ඩවුන් කර ඇති අවස්ථාවලදී වෙළෙඳසල් වසා දැමීම හේතුවෙන් වැට් ආ‍දායම විශාල වශයෙන් අහිමි වන අතර මේ ආකාරයටම සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායමද අහිමි වන බව ඇමතිවරයා පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය. අපට ලැබිය යුතු ආදායම්ද මේ වන විට අඩු වී තිබෙනවා. විශේෂයෙන්ම කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ අපට‍ ලැබිය යුතු ආදායමෙන් මෙම වසරේ අපට‍ ලැබිය යුතු ආදායමෙන් අද වන විට බිලියන 1500-1600 ත් අතර ප්‍රමාණයක් අපට අඩුවී තිබෙනවා. අපි තක්සේරු කළ ප්‍රමාණයටත් වඩා. මුදල් අමාත්‍යාංශය යටතේ පවතින ආයතන තුනකින් අපට ප්‍රධාන වශයෙන් ආදායම් ලැබෙනවා. එක් ආයතනයක් තමයි, රේගුව. රේගුවෙන් ලැබෙන ආදායම වෙන කිසිදු කාලයකටත් වඩා අපට අඩු වී තිබෙනවා. ‍රේගුවෙන් අපට ආදායම් එන්නේ ආනයනයන් මතයි. රේගුවෙන් අප‍ට වැඩි ආදායමක් ලැබුනේ වාහන ආනයනය කිරී‍මෙනුයි. නමුත් ගතවූ වසර එකහමාරක කාලය තුළ වාහන ආනයනය සිදුකරන්නේ නැහැ. විදේශ විනිමය සොයා ගැනීම අපහසු නිසා. ඒ නිසා රේගු ආදායම විශාල ලෙස අප‍ට අහිමි වී තිබෙනවා. අනෙක් ආයතනය සුරාබදු දෙපාර්තමේන්තුව. සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායමත් අඩු වෙලා. ලොක් ඩවුන් කාල සීමාවේ මත්පැන් අලෙවි වන්නේ නැහැ. ඒ අනුව විශාල ආදායමක් එම ආයතනයෙන්ද අපට අහිමි වී තිබෙනව ආදායම අහිමි වී තිබෙනවා පමණක් නෙ‍වෙයි ජනතාව නීති විරෝධි මත්පැන් සඳහා යොමුවීමේ ප්‍රවණතාවක්ද දක්නට ලැබෙනවා. සංචාරක ව්‍යාපාරයෙන් එන ආදායමත් අහිමි වෙලා. සුරාබදු දෙපාර්තමේන්තුව වෙත වගකීම් දෙකක් පැවරෙනවා. ආදායම රජයට ලබාදීම. දෙවැන්න තමයි ජනතාවට හිතකර නොවන මත්පැන්වලට යොමුවීම වැළැක්වීම . එම දෙපාර්තමේන්තුව නීති විරෝධි මත්පැන් නිෂ්පාදනාගාර වටලන්නේ ඒ අනුව

0 comment
0

Related Posts

Leave a Comment